IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පොල්ගසකින් වැටී පුද්ගලයෙක් මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නිවසකට අනතුරුදායක ලෙසින් පිහිටා තිබූ පොල් ගසක්  කම්බියකින් බැඳ , ඇද දැමීමට ගසට නැගි අවස්ථාවේදී   , එම ගස මුලින් ඉදිරී , යාබද නිවසක් මතට වැටීමෙන් , අඩි තිහක් පමණ උසින්  බිමට වැටුණු පුද්ගලයකු  අද   (21)  ,  ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ , හෝමාගම, ශ්‍රී මහින්ද මාවතේ , අංක 730 / බී , හි පදිංචි , පෙරුම්බුලි අච්චිගේ සිරිදාස (69) හැවිරිදි අවිවාහකයකු බව පොලීසිය කියයි.
හෝමාගම රෝහල ආසන්නයේ පිහිටි ඉඩමක , යාබද නිවසකට අනතුරුදායක ලෙසින් පිහිටා තිබූ , පොල් ගසක් කම්බියකින් බැද , ඇද , ගැට ගැසීම සඳහා , තවත් පුද්ගලයෙකු සමඟ ගොස්  , ගසට නැග , කම්බිය ගැට ගැසීමට , සූදානම් වන අවස්ථාවේදී  , නැග සිටි පොල් ගස , මුලින් ඉදිරී , යාබද නිවසේ වහලය මතට වැටී අනතුරක් සිදුව ඇති බව පැවසේ .

අනතුර වූ පොල් ගසෙහි , මුල දිරාපත්ව අනතුරුදායක ලෙසින් පිහිටා තිබී ඇති අතර , ඒ බව නොදත් මෙම පුද්ගලයා ගසට නැග ඇති  බවත් ගස වැටීමෙන් එම නිවසේ  වහලයේ කොටසකට හානි සිදුව ඇති බවත් , පැවසේ . ගස බිමට වැටෙනවාත් සමගම , ගසෙහි වූ දෙදරීම හේතුවෙන් , ගසට නැගි පුද්ගලයා ඉන් විසිවී,  අඩි තිහක් පමණ උසක සිට , විසි වී , මීටර් දහයක් පමණ දුරින්  ,  බිමට වැටී , සිරුරේ අභ්‍යන්තරයට හානි සිදුව තිබූ බව පොලීසිය කියයි .

ඒ සමගම අනතුරට පත් පුද්ගලයා අසල්වාසීන්ගේ ද සහය ඇතිව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර , එහිදී මූලික ප්‍රතිකාර ඒකකයේ  වෛද්‍යවරුන් රෝගියා  පරීක්ෂා කොට පවසා ඇත්තේ , ඔහු මිය ගොස් ඇති බවයි .

 

 



අදහස් (0)

පොල්ගසකින් වැටී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 165 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 370 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site