(යොහාන් භාසුර)
දේශීය පොල්තෙල් නිෂ්පාදන ආයතන හතක් පමණක් පොල් සංවර්ධන අධිකාරියේ ප‍්‍රමිත ලාංඡනය ලබා ඇති බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පොල් සංවර්ධන අධිකාරිය නිකුත්කර ඇති ‘තරු’ සළකුණු පහකින් යුත් එම ප‍්‍රමිති ලාංඡනය පොල්තෙල් බෝතලයේ ප‍්‍රදර්ශනය කළ යුතු බවත් එම ලාංඡනය බුද්ධිමය දේපල කාර්යංශයේ ද ලියාපදිංචි විය යුතු බවත් එම නිලධාරියා පැවසීය.
දීර්ඝ ක‍්‍රියාවලියකින් සමන්විත මෙම විශේෂ ප‍්‍රමිති ලාංඡන ව්‍යාපෘතිය 2018 වසරේ ආරම්භ කළ ද, පසුගිය වසරේ (2020) සැප්තැම්බර් මස නිෂ්පාදකයන් හත්දෙනකුට පමණක් ලාංඡනය පිරිනැමූ බවත් එම නිලධාරියා කීය.
පොල් සංවර්ධන අධිකාරියේ සැකසුම් සංවර්ධන නිලධාරිනී නිශාන්ති දිසානායක මහත්මිය පැවසුවේ මෙම ප‍්‍රමිති ලාංඡනය ලබාදීමේදී ප‍්‍රධාන වශයෙන් ප්‍රමිතීන් තුනක් ඇතුළු කරුණු පහක් පිළඳව අවදානය යොමු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පස්සේ වත් රජයේ ආයතන හරි දේ කරන්න ඉගෙන ගන්න ඕනෑ. ලොකු පඩි අරන් පුටු රත්කරනවා මදිවට අපිට වස කවනවා. බරපතළ දඩුවම් දෙන්න ඕනෑ.
පොල් සංවර්ධන අධිකාරියේ ඉන්නේ පුටු රත් කරලා පිනට පඩි ගන්න පිරිසක්. ඉස්සර අධිකාරිය අය ආවේ අඩුපාඩු බලලා උපදෙස් හරි සංවර්ධන ණය දීලා ගොඩ දාන්න බලාගෙන. දැන් එන්නේ අඩු පාඩු පෙන්නලා ජරාව අරන් යන්න.
රාජපක්ෂලා යටතේ ඇති අායතනවල හා ඔවුන් විසින් පත්කළ අය ජනතාවට ද්‍රෝහිවෙලා විෂ කවන විනකටින කටයුතුවල නිර්භයව කටයුතු කර බලයට ඒමට උපකාරකළ සමාගම් හා පුද්ගලයන්ට වාසි සැලසෙන පරිදි නීතිය අභිබවා ක්‍රියා කරන බව පැහැදිලිව පෙනේ..