(සුජිත් හේවාජුලිගේ)
පරිසරය විනාශ කරන හා පරිසරයට හානි කරන එකම පුද්ගලයා තමා බවට සමාජ මාධ්‍ය අද වන විට හදුන්වා දෙන බවත් විලාසිතාවක් වශයෙන් පරිසරය ගැන අදහස් පළ නොකොට ඒ සම්බන්ධයෙන් තම වගකීම් ඉටු කරන්නැයි එසේ කතා කරන උදවියගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා පැවැසීය.
මෙරට ගංගා 103ක් සංරකෂණය කෙරෙන ‘සුරකිමු ගංගා‘ ජාතික වැඩසටහන ආරම්භ කරමින් කතරගම ඓතිහාසික පුජා භූමියේ මැණික් නදිය අසළදී ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා එසේ පැවසීය.
පරිසර දුෂණය ගැන අද න විට සියලු දෙනාගේ සාකච්ඡාවට භාජනය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් වී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක සිද්ද වෙන හොඳ හෝ නරක දෙකටම හිමිකරුවා "රටේ නායකයා" මේ පරිසර විනාශ සිදුකරන්නේ නායකයාගේ පාක්ෂිකයින්, ඇමති, මන්ත්‍රීවරුන්, හිතවතුන්... සමහර ඒවා නායකයාගේ අනුදැනුම ඇතිවම විවිධ දේශීය, විදේශීය බහු ජාතික සමාගම්වලට විකුණා බද්දට ලබාදී ඇත. ඉතින් ඒවාට "රටට යහපත් තීරණයක් ගන්න තරම් රටේ නායකයාට කොන්දක් නැත්නම්", එහි වගකීම අනිවාර්‍යයෙන්ම ඔහු බාර ගතයුතුයි.
එය ඔබතුමාට තේරුම් ගිය එකම ලොකු දෙයක්. ඒක තමයි ඇත්ත...
ඔබට නැවත වරක් කියන්න පුළුවන්..!!!
ගංගාවල් ආරක්ෂා කරලා වනාන්තර කපලා දැම්මට කමක් නැද්ද?
ගංගා සංරක්‍ෂණයට පෙර ජල උල්පත් ආරක්‍ෂා කළ යුතුයි යන වග දෙකේ පංතියේ ළමයෙකුට පවා තේරෙනවා. ගස් කපා පරිසරය විනාශ කරනකොට ජල උල්පත් වැනසී ගොස් ගංගා හිඳී යනු අැත...
නැහැ.. නැහැ.. තව ඉන්නවා කැලෑ පාලුවෝ රංචුවක්ම.. ඔක්කොම ඉන්නේ ඔහේගේ හෙවනැල්ල යට. ඔහෙලා ඔක්කෝටම මේ අපරාධ පටිසන් දෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. හැබැයි එතකොට රටට වෙන්න තියෙන අපරාධ සේරම වෙලා ඉවරයි.
ජනාධිපතිතුමනි, ඔබතුමා යන්ත්‍රයක් අරගෙන ගස් කපනවා කියන්නේ නෑනේ... වන විනාශයක් සිදුවන විටත් ජනාධිපති හැටියට එය වැළැක්වීමට පියවරක් නොගන්නා එක ගැනයි හැමෝම කතාකරන්නේ...
ජනාධිපතිතුමනි, ඔබගේ ජනතාවට ඉදිරිපත් කළ නිවැරැදි වැඩ පිළිවෙළ කරගෙන යන්න. විරුද්ධවාදියෝ සහ මිතුරු වෙසින් ඉන්න හතුරෝ 2015දී වගේ යටිකූට්ටු වැඩ කරාවි. ඒවායෙන් බේරිලා ඔබගේ ගමන යන්න වගබලාගන්න. ඒ වගේම රටේ නීතිය නවන්න කිසි කෙනෙකුට ඉඩදෙන්න එපා.. ඔබට අපේ ආශීර්වාදය..!
යුද ජයග්‍රහණය කළේ තනිකරම ඔබ නිසා කියලා කියනවා. කොළඹ ඇතුළු නගර සංවර්ධනය අලංකරණය කළේත් ඔබතුමා කියලා කියනවා.. ඉතින් ඒ දේවල් වගේම මේ වන විනාශයත් තනිකරම ඔබතුමාගේ වැඩක් කියලා ඔබතුමාගේ රට වැසියන් විශ්වාස කරනවා ඇති..
එහෙන් කැලේ කපලා මෙහෙන් ගංගාවන් සුරකින්න යනවා. සිරිසේන හොඳයි වගේ.. සර්ගේ ඩබල් පී.එච්.ඩී...
ඡන්දේ දීලා රටේ නායකයා හැටියට පත්කළේ වගකීම් ඉටුකිරීමට මිස වගකීම් වලින් පැනයාමට නොවන බවයි.
තමන් නිවැරදි නම් හා තමන් එසේ නොකරන්නේ නම් "අර මක්කටෙයි කලබල" වෙන්නේ. අප අපට අවංක වෙමු. එවිට ස්වභාව ධර්මයා විසින් අපව ආරක්ෂා කරනු ඇත. එය රටේ මුල්පුරවැසියාට මෙන්ම අපටද පොදු ධර්මතාවයකි. එලෙසම කිසිවෙකුට විරුද්ධව බොරු ප්‍රචාර ගෙන යන්නේ නම් එම තැනැත්තාට නීතිය මගින් ඒ සඳහා පිළිතුරු ලබාගත යුතු නොවේද..?
කැලෑපාලුවෝ ඔක්කොම ඔබතුමා ගාව.. ඔබතුමා බබා වෙන්න එපා.