
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ නව තානාපතිනී මනිෂා ගුණසේකර මහත්මිය පසුගියදා වැඩ භාර ගත්තාය.
වර්තමාන විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඇය වර්ෂ 1998 සිට 2002 වසර දක්වා ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරිය ලෙස එවකට තානාපතිනිය සුමිත්‍රා පීරිස් මහත්මිය යටතේ තම ප්‍රථම විදේශ සේවය ආරම්භ කරමින්, ඉන්පසු ජපානය, දකුනු කොරියාව, ජිනීවා, යන රටවල ශ් රීලකා තානාපති කාර්යාලයන්හී ප්‍රථම ලේකම්, වැඩ බැලු තානාපති යන තනතුරු හොබවූ වාය.
එංගලන්තයේ මහා කොමසාරිස්වරිය ලෙසද සේවය කොට ඇති ඇය විදේශ සේවයේ මනා අත්දැකීම් සම්භාරයක් හිමිකර ගත් අවංක දක්ෂ දූරදර්ශී රාජ්‍ය සේවිකාවක් බව රාජ්‍ය සේවය තුළ ප්‍රසිද්ධ කරුනකි.
නව තානාපතිනිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඊට සමගාමීව ප්‍රංශයේ පිහිටුවා ඇති සියලුම ශ්‍රී ලාංකික සංවිධාන නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන්, කලාකාරීන් කැඳවා පසුගිය මාර්තු මස 31 වැනි දා තානාපති කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත් වූවාය.
ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාවට තානාපති කාර්යාලයෙන් සිදුවෙන සේවාවන් විධිමත් කොට කාර්යක්ෂම විශිෂ්ඨ සේවයක් ලබාදීම, විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා ශ්‍රීලාංකික ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද, ජාතීන් අතර සහජීවනය හා සංහිඳියාව නව මාවතකින් ගොඩ නැගීම හා වර්ධනය කිරීම ආදී කරුනු රාශියක් ගැන එදින සාකච්ඡා කළ අතර ඉදිරියේදීත් මෙවැනිම සාකච්ඡාවලින් ශ්‍රීලාංකික ප්‍රජාව දැනුවත් කරමින් ඊට සාපේක්ෂව ඔවුන්ගේ සහයෝගය ලබා ගනිමින් ශ්‍රීලංකාවේ ආර්ථික අර්බූදය යහපත් මගට හැරවීමට අවශ්‍යය සහාය ලබා ගැනීමද අරමුණ බව පැහැදිලි කළ ඇය ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති සේවය හා ශ්‍රී ලංකාව යුනේස්කෝ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා 75 වසරක් සමරන මෙම වසරේ ජාත්‍යයන්තර වෙසක් දිනයේදී ඉතාමත් උසස් වෙසක් උත්සවයක්ද පැවැත්වීමට කටයුතු කරන බවද ඇය පැවැසුවාය. පැවැසීය.
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය අවංකවම දක්ෂ රාජ්‍ය නිලධාරනියක් . එතුමිය ජපානයේ සේවය කරන කාලේ මා දන්නා පරිදි ශ්‍රිලන්කිකයන්ට හැකි පමණින් උදවු උපකාර කල විදේශ සේවයේ නිලධාරනියක් . එවැනි කෙනෙක් ලැබීම ප්‍රංශයේ ශ්‍රිලන්කිකයන්ගේ වාසනාව .
ජාතික ගීය දෙමලෙන් ගායනා කරනවට අකමැති නමුත් සංහිඳියාව මහා ඉහලින් කතා කරන තමන් දේශ හෛතයිෂි යැයි කියා ගන්නා පිරිසකුත් එදා රැස්වීමට ඇවිත් හිටියේ
ඔය වගේ රැස්වීම් මීට ඉස්සරත් කොච්චර තිබුනද ? වෙච්ච දෙයක් නෑනේ .පැරීසියේ එම්බසියට අරක් ගත් සමහරු තානාපති වරුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ . තානාපති කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රවේසම් වීමට වග බලා ගත යුතුය .
මෙහාට එන ගොඩක් තානාපති වරු පන්සල් යනවා , දානමාන වලට යනවා ,පිරිත් අහනවා , දන්සැල් වන්දනාමාන කරනවා හැර වෙන රටට කරපු දෙයක් නම් අපි දන්නේ නැහැ . මෙතුමියවත් එතැනින් බේරා ගන්නා ලෙස පැරීසියේ අයගෙන් අපි ඉල්ලා සිටිනවා .
අර්ල් ගුණසේකරගේ දුවද මේ...?
ආච්චිලා සැප ගන්න යනවා... මේ අයගෙන් ලාංකිකයින්ට කිසිම සෙතක් නැහැ.
මහින්ද රාජපක්ෂ ඉතාලියට තානාපති කරලා එව්වා ප්‍රසිද්ධ ගායිකාවක්. මාලදිවයිනට ඇරියා රෝහණ බැද්දගේ (අනෙ මගෙ මාමන්්ඩි), සිංගප්පූරුවේ ප්‍රධාන තනතුරක් දුන්නා රවීන්ද්‍රගේ දුවට, වරක් එංගලන්තේ මහකොමසාරිස් වුනේ ඔහුගේ සුනාමි හොරකමේ නඩුව වීසි කරපු පුද්ගලයා. එකලම එංගලන්තේ උප මහකොමසාරිස් වුනේ මහින්දගේ මහළු මිත්‍රයෙක්. ඔහු නිතරම ප්‍රසිද්ධියේ කිව්වා ඔහු එම තනතුර අරන් පැමිනියේ වයසක ඔහුගේ ලෙඩ වලට එංගලන්තෙන් බෙහෙත් ගන්න කියා. වෛද්‍යවරියක් වූ මහින්දගේ ළගම ඥාතියෙක්ද එංගලන්ත මහකොමසාඑිස් කාර්යාලයේ ප්‍රධාන තනතුරක් දැරුවා. ඊට හේතුව ආණ්ඩුවේ මුදලින් එංගලන්තේ ඉදුම් හිටුම් සහ අධ්‍යාපනය ඇයගේ දරුවන්ට ලබාදීමටයි. ඔන්න ලංකාවේ විදේශ සේවය….
දේශ හිතයිෂි කට්ටිය දැන් දේශ විනාශකාරී කියලා හැඳින්වුවට කමක් නැහැ . අපි දන්නවනේ පහුගිය කාල වල කරපු කියපු දේවල් .කරන තරමක් උගුල් ඇටවීම තමයි දේශ විනාශ කාරීන්ගේ වැඩ . එම නිසා තානාපති තුමිය ඔවුන්ගෙන් ප්‍රේවේශම් විය යුතුය .
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රක සමාජවාදී ජනරජයේ " රාජ්‍ය භාෂාව "( සිංහල හා දෙමල ) වේ සම්බන්ධීකරණ කරන භාෂාව ඉංග්ලීස් වේ සංහිදියාව හා සමගිය හා එකමුතුව තුලින් තමයි රටවල් දියුණු වෙන්නේ .... සිංහල ,දෙමල ,මුස්ලිම් ,බර්ග ,මැලේ , යන ජාතින් ....එදා එකමවකගේ දරුවෝ සේ එකතුවී සටන්කොට ...ශ්‍රී ලංකා මාතාව .... හිරු නොබසින අධිරාජ්‍යෙයෙන් බේරා ගත්තා සේ අද මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න නම් .....එදාමෙන් වර්තමානයේද එකමවකගේ දරුවෝ වියයුතුයි ක්‍රියාවෙන් ... එහෙම නම් අයි මේ ජාතික ගීය පිළිබද අර්බුද .... ?
ජනාධිපති ,අගමැති , මැති ඇමතිවරු තානාපති , වරු සමගිය සංහිදියාව ගැන කතාකරනවා තව අන්තවාදී පිරිසක් තුවාල වුනු තුවාලේ නැවතත් පාරන්න රණවිරු සැමරුම් කරන්න යනවා මේ වෙලාවේ රණවිරු සැමරුම් මහවිරු සැමරුම් නොසුදුසුයි කියා අපි යෝජනා කරනවා ...
ජාතික ගීය දෙමල බසින් ගයන එක ඉතා හොඳයි... ඇයි දන්නවාද ඒ. ඒ අයට ඒ ගීයේ අරුත තේරුම් යනවා හොඳින්... ජාතිවාදය නැවතත් කරලියට ගෙනැල්ලා ජාතිවාදී නායකයින් නැවතත් බලයට ගේන්න කරන වෑයමක පෙරහුරුවක් වගේයි කියලයි අපිට පේන්නේ. මේ කණ්ඩායම දේශයට හිතැති නොව දේශය විනාශ කරන ජාතිවාදීන් කියලා තමයි කියන්න වෙන්නේ...
මානෙල් මහතා ඔබතුමාගේ මතය අපි සියල්ලන්ම එකහෙලා අනුමත කරනවා.. සංහිදියාවට ලොකු අනතුරක් මාරු පහරක් මේ වෙලාවේ රණවිරු සැමරුම කරන එක රණවිරුවන්ට ගොඩාක් ආදරේ නම් ශ්‍රී ලංකාවේ අසරණ වෙලා ඉන්න රණවිරු පවුල් වලට උදව් කරන්න.... ඒක තමයි නියම රණවිරු සැමරුම..
මානෙල් මහතා ඔබතුමාගේ මතය අපි සියල්ලෝම එකහෙලා අනුමත කරනවා. සංහිදියාවට ලොකු අනතුරක්, මරු පහරක් මේ වෙලාවේ රණවිරු සැමරුම කරන එක රණවිරුවන්ට ගොඩක් ආදරේ නම් ශ්‍රී ලංකාවේ අසරණ වෙලා ඉන්න රණවිරු පවුල්වලට උදව් කරන්න... ඒක තමයි නියම රණවිරු සැමරුම...
මේ වෙලාවේ, රණවිරු සැමරුම්, මහවිරු සැමරුම් නොසුදුසුයි ...!!!
තව අන්තවාදී පිරිසක් තුවාල වුණු තුවාලේ නැවතත් පාරන්න රණවිරු සැමරුම් කරන්න යනවා
සත්‍ය ලෙසම දැන් පැමිණ සිටින තානාපතිතුමිය විදේශ සේවයේ මනා අත්දැකීම් බහුල දක්ෂ නිලධාරිනියක්... රට ගොඩ ගැනීමේ ඇගේ ආර්ථික දැක්මට ඇයට සහාය වෙන්න... නැවතත් ජාතීන් අතර සමගිය අවුල් කරන දේවල් නොකර සියලුම දෙනා එකාමෙන් එතුමියට උදව් කරන්න...
ජාතික ගීය දෙමළ බසින් ගයන එක ඉතා හොඳයි... නමුත් ඒක අන්තවාදී ජාතිවාදීන්ට ගැරඬින්ට භූමිතෙල් ගැහුවා වගෙයි...
රණවිරුවන්ට ආදරේ නම් බොරු ජාතිවාදය අවුස්සන් නැතිව අන්න ලංකාවේ ඉන්නවා අසරණ රණවිරු පවුල් ....
තවමත් දේශහිතෛෂී කර පින්නාගත් අය පැරීසියේ ඉන්නවද ? ඇත්තටම පැරිසියේ ඉන්නේ මෝඩයෝද ? ඔවුන් සමගද තානාපති තුමිය සංහිඳියාව කරන්න හදන්නේ ? එහෙනම් ඉතින් තානාපති තුමියටයි සංහිඳියවටයි බුදුසරණයි !දෙවි පිහිටයි !
මෙම නිලධාරිනියගේ කාර්යක්‍ෂමතාවයෙන් නොකැළැල් වාර්තාවක් ඇත. කරුණාකර ඇය අකාර්යක්ෂම පුද්ගලයන් අතරට පත් කරමින් අදහස් දක්වන්න එපා. වැඩිදියුණු කිරීමට ඇයට සහාය වන්න, ගැටළු තිබේ නම් නිවැරදි කරන්න. ඇය අසමත් නම් .... පැමිණිලි කරන්න... මනීෂාට සුබ පැතුම්!
තානාපති සේවය කාර්යක්ෂම දක්ෂ අවංක නිලධාරීන් අතට පත් කල යුතුයි .ඒ වගේම ඔය කාර්යාලවල බහිරවයන් එලවීම් වලට බහිරව පූජා තියන්න ඕනේ
ශ්‍රී ලංකා නව තානාපතිනිය සහ යුනෙස්කෝ හි නිත්‍ය නියෝජිත මනීෂා ගුණසේකර මහත්මිය ශ්‍රී ලංකා සංගම් නියෝජිතයින් සහ ප්‍රජා නායකයින් කැඳවා සිය නිල රාජකාරි ආරම්භ කළ අතරම එය ඉතා සාර්ථක හමුවක් විය.
සුභ පැතුම් මනිශා . මම බන්දුල මාරසිංහ. ජපුර 84 සයන්ස් බැච් එකෙන්.
සින්හලෙන් කියල දෙමලෙනු ත් කියපුවාම කොච්චර හොද ද එයින් යහපතක් වේ නම්. පිස්සන් පිස්සු කෙලියට අපි පිස්සෝ නොවෙමු.
මනීෂා මහත්මියට සුබ පැතුම් තානාපති සේවය හරහා රට වෙනුවෙන් සේවය කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව.. පුෂ්පසිරි අල්විස් කියලා හඩ්ඩෙක් ඉන්නවා.. ඒ හඩ්ඩයි මෑන්ගේ ලේඬි ටිකයි හිතාගෙන ඉන්නේ ඒ සෙට් එක තමයි තානාපති සේවයේ ඉන්න ඕන කියලා.. (සයිකෝ කේස් එකක්). පොඩි පොඩි ලාමක චූන් ගනීවී තානාපති සේවය කාලය ඇතුළත. එච්චර ඔලුවට ගන්න එපා.. මෑන් හිතාගෙන ඉන්න තරම් මහා විශාල චරිතයක් මෑන්ට.. ඊට වඩා යමක් නැහැ..
සකලසූරියලාටත් මම තනතුරු භාර දුන්නත් හරියට කරාවිද කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්
නුඹටත් ජපුරේ උපාධියක් තියනවා නම් ඔතනට ගිහින් හරියට කරන්න පුළුවන්
ප්‍රංශයේ, ශ්‍රී ලංකා නව තානාපතිනිය සහ යුනෙස්කෝහි නිත්‍ය නියෝජිත මනීෂා ගුණසේකර මහත්මියට, සුබ පැතුම් ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ප්‍රංශයේ සිංහල ප්‍රජාවගේ සහයෝගය ලැබේවා ප්‍රාර්ථනා කරමි.
අපගේ ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය වලංගු කිරීමට ප්‍රංශය සමඟ ගිවිසුමක් ඇති කර ගත හැකිද?