IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශයේ නම් ඉටිපන්දම් දල්වා ගස් රැකගනිති


 

යුරෝපයට වසන්තය එළැඹෙමින් තිබුණද ආක්ටික් ධ්‍රවය දෙසින් හදිසියේ හමා එන අධික ශීතල සුළඟ හේතුවෙන් රාත්‍රියේ උෂ්ණත්වය සෘණ අගයන් දක්වා පහත වැටෙමින් තිබේ.

වසන්තයේ දී දළුලන තුරු ලතා අධික ශීතලෙන් ආරක්‍ෂාකරගැනීම සඳහා නැගෙනහිර ප්‍රංශයේ වෙස්තොෆෙන් පළාතේ රාත්‍රියේ ඉටි පහන් දල්වා ගස් රැකගැනීමට ගන්නා උත්සාහයකි.

බොහෝ පළතුරු වතු පිහිටි මෙම පළාතේ කාලගුණ අනාවැකිය වී ඇත්තේ ඉදිරි දින කිහිපයේදීම රාත්‍රීයේ උෂ්ණත්වය සෘණ අගයන් (සෙල්සියස් අංශක 0 ට අඩු) ගන්නා බවකි. 

ඡායාරූප - ප්‍රංශ පුවත් සේවයෙනි



අදහස් (11)

ප්‍රංශයේ නම් ඉටිපන්දම් දල්වා ගස් රැකගනිති

fairoos Tuesday, 06 April 2021 09:26 AM

ලංකාවේ නම් කියත්මග තමයි.

:       96       138

fairoosTuesday, 06 April 2021 10:55 AM

මෙච්චර අන්ලයික් වැටිලා තියෙන්නේ නමටද? නැතිනම් අදහසටද?

:       45       35

ravinThursday, 08 April 2021 10:05 AM

නැහැ , මේ වගේ අන්ලයික් ගොඩක් දමන්නේ ප්‍රංශය කියන වාසනාවන්ත රටට වෛර කරන මෝඩ බයියෙක්. අපිටත් මේ වගේ ගොඩක් කොමෙන්ට්ස් දමන්න දන්නවා.එත් අපි මොනවටද අපිවම රවට ගන්නේ. ඕක හීනමානය නිසා ඇතිවුන මානසික වියාධියක්.

:       1       1

ජයන්ත මිලානො Tuesday, 06 April 2021 10:19 AM

අපේ රටෙ ඉන්නෙ ‍රටම කාල රට කාන්තාරයක් කරලා වතුර ටික නැතිව ගියාම වතුර බෝතල් රටින් ගෙනල්ලා ඒකෙන් කොමිස් ගහන්නෙ කොහොමද කියලා උන්ගෙ බඩවියත ගැන හිතන කාලකන්නි පාලකයො ටිකක් .

:       204       108

suranjith Tuesday, 06 April 2021 12:13 PM

වාසනාවන්ත මිනිසුන් බිහිවෙන්නේ වාසනාවන්ත රටවලයි. ප්‍රංශය කියන්නේ ලෝකයේ තියෙන සුන්දරම රට. වාසනාවන්තම රට. නිදහස්ම රට. අපේ රටේ වගේ නොවෙයි ආගම් සම්පුර්ණයෙන්ම ආණ්ඩුවෙන් අයින් කරලා තියෙන්නේ. ප්‍රංශයේ කිසිම ආගමික පූජකයෙකුට ඇහුම් කන් දෙන්නට රජය බැඳී නැහැ. ඒ වගේම කිසිම ආගමකින් අනුශාසනා ගන්න ආණ්ඩුව යන්නෙත් නැහැ. ඒ නිසා තමයි ඒ රට මේ තරම් දියුණුවෙලා වාසනාවන්ත වුනේ. අපේ රටවල් විනාශම වුනේ ආගම්, පූජකයින් රටේ පරිපාලනයට සම්බන්ධ කරගත් නිසයි. අවුරුදු 70ක් පූජකයින් සහ දේශපාලුවන් අපේ රට කෑවා.

:       77       60

Dasuni Tuesday, 06 April 2021 12:58 PM

ලංකාවේ ගහ යට ගිනි තියලා ගහ මරලා ඊට පස්සේ කපනවා.

:       5       58

pakeer Tuesday, 06 April 2021 08:09 PM

එක තමයි මම හැමදාම කියන්නේ , අපේ රටේ සුද්දා අපිට ආයෙත් දුන්නේ අපේ තියන පව් කරගහගනිල්ලා කියලා. සුද්දා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ. සුද්දා නැත්නම් අද අපිට ලැබුණු දේවල්වත් නෑ.

:       38       19

nihal Wednesday, 07 April 2021 02:22 AM

රටේ ලොකු ලොකු තනතුරු වල ඉන්න අය මෙව්වා බලලා හැදියල්ලා... හරියට කරපල්ලා.... බැරි නම් පුටු වලින් බැහැපල්ලා.

:       1       27

Pradeep Wednesday, 07 April 2021 02:30 AM

බලන්න දියුණු රටක සහ ලංකාව වැනි නොදියුණු රටක මිනිසුන් ගස් වලට සළකන ආකාරය. "යම් රටක් තම රටේ සතුන්ට සහ ගහ කොළ වලට සළකන ආකාරයෙන් එම රට දියුණු හෝ නොදියුණු රටක් දැයි කිව හැක" කියලා මහත්මා ගාන්ධි තුමා කියලා තිබුනා. එම අදහස අදටත් මොන තරම් වලංගුද..

:       2       17

අයේෂ් Wednesday, 07 April 2021 06:06 AM

අපේ රටේ තියන ගස් ටිකත් කපලා දානවා. ප්‍රංශයේ තියන ගස් ටික ප රිස්සම් කරනවා. හරිත පාරාදිසය බදු ලංකාවේ අමන පාලකයින් පරිසර විනාශය දැක දැක නිහඬව සිටිනවා.

:       2       7

nimelen Wednesday, 07 April 2021 07:04 AM

ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරියේ ලොක්කාම කියනවා ගස් කැපුවාට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ කියලා. අන්න වියතෙක් කියනකොට පිළිගනිල්ලා.. බොරුවට නටන්නේ නැතුව. අර කාන්තාර වලත් ඔක්සිජන් තියෙනවැයි කියන්නේ... එහෙනම් සිංහරාජෙත් නිකන් වතුර තියෙන්නේ අපරාදෙනේ.. වැව් දෙක තුනක් හදලා මිනිස්සුන්ට වතුර ටිකක් දෙමුකෝ.. ගස් දෙක තුනක් කැපුණාට මොකෝ අපි පැල 100 ක් විතර හිටවනවනේ.. එහෙනම්..!!! 

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17840 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site