IMG-LOGO

ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 5380 ක් දක්වා ඉහළට

ප්‍රංශයේ සාත්තු නිවාස වල පසුගිය දිනවල සිදූවූ මරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රධාන දත්ත පද්ධතියට ඇතුලත් කිරීමෙන් පසු කොරෝනා වයිරසයෙන් එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 5380 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තාවකාලික ගණනය කිරීම් වලදී හෙළිවී තිබුණේ සාත්තු නිවාස වල මෑත කාලයේ මියගිය 884 දෙනකු ද කොරෝනා වයිරසය හේතුවෙන් මියගොස් ඇති බවයි. ඔවුන්ගේ දත්ත මුළු මරණ සංඛ්‍යාවට එකතු කර නොතිබිණි.

කෙසේවුවද ප්‍රංශයේ පවත්වාගෙන යන සියලුම සාත්තු නිවාස වල දත්ත මෙතෙක් ගණනය කිරීමට නොහැකි වූ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

ප්‍රංශයේ සාත්තු නිවාස 7400 ක් පමණ පවතින අතර මිලියනයකට වැඩි ජනතාවක් මේවායේ ජීවත් වෙති.

එම නිවාස වලින් තුනෙන් දෙකකට වැඩි ගණනක් පවතින්නේ පළමු ආසාදන රැල්ල වාර්තා වූ ජර්මන් දේශ සීමාව ආසන්නයේ පිහිටි ග්‍රෑන්ඩ් ඊස්ට් කළාපයේය.

සේවකයන් මගින් වයිරසය සාත්තු නිවාස වලට ඇතුළු වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක කරයි.

ප්‍රංශයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින්

58441ක් වාර්තා වී තිබේ.

අප්‍රේල් 15 දක්වා ක්‍රියාත්මක අගුලු දැමීමේ ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය එඩ්වඩ් පිලිප් බ්‍රහස්පතින්දා (02) ප්‍රකාශ කර තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 5380 ක් දක්වා ඉහළට

Laksitha Paris Friday, 03 April 2020 12:49 PM

හරිම කණගාටු කාලයක් ලොවටම .. අපිත් තට්ටු ගෙවල් වලට හිරවෙලා ඉන්නවා .. මොනවා කරන්නද ? ලෙඩ අරගෙන මම නම් ලංකාවට එන්නේ. නැහැ .. බුදු සරණයි

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site