
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේදී මෙරටට ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක් රේගුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රේගුව රඳවා ගත් ලුණු තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 91.81 ක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
නිසි ප්‍රමිතියට නොමැතිවීම සහ පසුගිය මැයි මාසයේ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව ලුණු ආනයනය කිරීමට ලබාදුන් අවසන් දිනය පසුවී මෙරටට ආනයනය කර තිබීම එම මෙට්‍රික් ටොන් 22,950 ලුණු තොගය රඳවා ගැනීමට ප්‍රධාන හේතු වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය.
එක් අවස්ථාවකදී නැවක තිබූ සම්පූර්ණ ලුණු තොගයකටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතිකරණ සහතිකය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය නොලැබීමෙන් අදහස් වන්නේ එම ලුණු තොගයේ නිසි ප්‍රමිතියට නොමැති බවත් යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරටට මෙම වසරේදී වැඩිම ලුණු තොගයක් ආනයනය කර ඇත්තේ ආනයන සීමා ලිහිල් කළ පසුගිය ජූනි මාසයේදී බවත් පසුගිය ජූනි මාසයේදී මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 99,217 ක් ආනයනය කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ආනයනය කළ එම ලුණු තොගයේ විටිනාකම රුපියල් කෝටි 396.61 ක් බවද ආරංචි මාර්ග පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපසු යවන්න ඕනෑ නේද?
මේ ජාවාරම්කාර ව්‍යාපාරික ජාලය තමයි මේ රටට විස කවන්නේ. ඒ රටේ අතයට ගණුදෙනු හරහා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඔවුනුත් දන්නවා. කෙසේ වෙතත් නිසි ප්‍රමිතියට නැත්නම් නිදහස් නොකර ආපසු යැවීම හෝ විනාශ කළ යුතුයි.
මුහුදෙන් වටවූ දිවයිනක් ලුණු ආනයනය කිරීම විහිළුවක්... මෙහි ආරම්භය... කපුටා බව දන්නවා. නමුත් මේ තත්වය ආපිට හරවාගත යුතුයි.