
(අංජුල මහික වීරරත්න)
පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (17) පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි. ‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.
ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා කීය.
එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුනෙන් දෙකක් තියාගෙන බයියන්ට බයවුන අනුර...
පූස් පැටව් සේ තවමත් සදාදරණීය නායක සහෝදරයා කියන කියන දේට ඔලුව වනමින් අසා සිටින අන්ධ භක්තික ගුරු පරපුරට මාගේ ආචාරය. ඔබතුමන්ලා සහ තුමින්ලා දකිනවිට මට මතක් වන්නේ අපගේ ගෙවල්වල කණප්පු උඩ සිටවා තබා තිබූ හුළඟට ඔලුව හොලවන නැට්ටුවායි. නැත්නම් දැන් අලුත් පරපුර තම වාහනවල ඩෑෂ් බෝඩයේ තබා තිබෙන ඔලුව සොලවමින් යන හුරතල් සුනඛ පෝතකයායි. ආඩම්බරයි ගුරු මවුවරුනි, පියවරුනි.
තාමත් බොරු කියන හැටි ලැජ්ජාවක් බයක් නැතිව. වටවෙලා ඉන්න ඔය මහ පිරිස මීහරක් හරි බිහිරි, ගොළු පිරිසක් වෙන්න ඕනේ.
සකලබුජන් කොටකලිසම් තමයි අදින්නේ...
මේක කියලා තියෙන්නේ කටින්ද දන්නේ නැහැ.
දැන් ඉතින් ගව සම්පත කවි ලිය ලිය හෝදයි. කෞෂි කෝ ඔයා...?
එපා කිව්වට බදු ගැහුවානේ කණ පැලෙන්න. ඉතින් අපිට ඕක විශ්වාස කරන්නද කියන්නේ? අනික තමුන්නාන්සේලා විවේචනය කරපු නීති අනුවම අපහාස පැමිණිලි දාලා මිනිස්සුන්ට තර්ජනය කරන්නේ? ඉතින් ඔය කියමන් වහල්ලු විශ්වාස කරාවි.
උඩ බයියන්ගෙන් අදහස් විතරයි.