
(විනීතා එම් ගමගේ)
පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු දහයකට පමණ දිනපතා අස්සන් කිරීමට සිදුව ඇතැයි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.
නොසිතන තරම් වේගයකින් පුරාවස්තු විනාශය සිදුවෙමින් පවතිතැයි ද පුරාවස්තූන් ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි ද මනතුංග මහතා කියා සිටියේය.
තමන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වන තුරුත් මේ තත්ත්වය හරිහැටි හඳුනාගෙන නොතිබු බව ද මහාචාර්යවරයා පැවැසීය.
ද්විපාර්ශවික ගිවිසුම් ඇති බැවින් ජාත්‍යන්තර වෙළඳ පොලේ නීතිවිරෝධී ලෙස ගෙනයන පුරාවස්තූන් අලෙවි කළ නොහැකි බැවින් මෙසේ මංකොල්ලකන පුරාවස්තූන් විදේශ රටවල අලෙවි වන්නේ නීති විරෝධී ලෙසින් වීම වඩාත් භයානක තත්ත්වය යැයි ද හෙතෙම සඳහන් කළේය.
මහාචාර්ය අනුර මනතුංග මේ අදහස් පළ කළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති දේශනයක දීය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් විදෙස් රටවල සැඟවුණ අපේ උරුමය නමින් මෙම දේශනය සංවිධානය කර තිබිණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මනතුංග මහතා විදේශ රටවල ඇති අපේ උරුමයන් ආපසු ගෙන්වා ගැනීමට පෙර දැනට මෙහි පවතින පුරාවස්තූන් රටතුළ රැකගැනීමට ප්‍රමුඛත්වය දියයුතු යැයි කියා සිටියේය.
එමෙන්ම විදේශ රටවල පවතින අපේ උරුමයන් ගෙන්වා ගැනීමට පෙර ඒවායේ නීතිමය අයිතිය තහවුරු කර ගැනීමට අවධානය යොමුකළ යුතු යැයි ද, ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතු යැයි ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට අයත් පුරා වස්තූන් විදේශ රටවල් 27 ක ඇතැයි ද එයින් 15 ක් යුරෝපීය රටවල් වන අතර ඇමරිකාව කැනඩාව යන රටවල් ද ඒ අතර වෙතැයි ද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනෙක් රටවල් සියල්ල පාහේ බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙසින් තිබු රටවල් යැයි ද පැවැසීය.
ඉන්දියාවේ ද අපේ පුරාවස්තූන් ඇතත් ඒවා ගෙන ගොස් ඇත්තේ බ්‍රිරතාන්‍ය ජාතිකයන් විසින් බව ද ඔහු සඳහන් කළේය.
වැඩිම ප්‍රමාණ්‍යක් මෙරට පුරාවස්තූන් බ්‍රිතාන්‍යයන් විසින් ගෙන ගිය අතර තවත් අපේ පුරාවස්තූන් වැඩි ප්‍රමාණයක් ජර්මනියේ ඇතැයි ද කී මනතුංග මහතා ජර්මන් ජාතිකයන් ඒ පිළිබඳ අධ්‍යයනයට උනන්දුවන පිරිසක් බවත් කියා සිටියේය.



(ඡායාරූප - දිල්ෂානි චතුරිකා දාබරේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය තරම් නඩුවලට අන්තිමට වෙන්නේ මොකද කියලා නැහැනේ. ඕවා පිටිපස්සේ ඉන්නේ කවවුද කියලත් නැහැනේ. අන්තිමට අපේම අය වැඩේ කරගෙන සුද්දන් පිටින් අරින්න වගේ හදන්නේ..
ඔය පුරාවස්තු ලංකාවේ තිබුණා නම් මෙලහකට ඩෝසර්වලට අහුවෙලා කුඩුපට්ටම් වෙලා. අර කුරුණෑගල රාජසභා මණ්ඩපයට සිදුවන විදිහට, අපේ පුරාවස්තු ඇමෙරිකාවේ හෝ යුරෝපයේ කටු ගෙවල්වල ආරක්ෂාව යටතේ තිබුණොත් අපේ දරු දැරියන්ගෙන් කොටසකට හෝ ඒවා දැකගන්න පුළුවන් වේවි...!!!
දැන් කෙඳිරි ගගා ඉන්නේ, පුරාවස්තුවලට වෙනම උසාවියක් පිහිටුවන්න කියලා බලකරන්න තරම් දෙයක් වුණේ පිට කොන්දකුත් නැති නිසා නේද?
ඔබේ උත්සාහය ඉතාමත් අගෙයි... මාගේ ආචාරය පිරිනමමි...!
එතකොට දැන් රටේ රජයක් නැද්ද? තාම සිරිසේනද ජනාධිපති..?
කඩු හොරකමෙන් පටන් අරගෙන කුරුණෑගල විනාශය දක්වා අපේ රටේ පුරාවස්තු වැනසුවේ රාජපක්ෂලා... දැන් වනාන්තර ටික වනසමින් නන්දසේන කරන විනාශය පේනවා නේද?