(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සේවකයන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සරල ආහාර වේලක් ලබාදීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (2) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල සඳහා වෙළෙඳපොළේ මිල ගණන් යටතේ සාධාරණ මිලක් නියම කරන ලෙස මෙම රැස්වීමට සහභාගිවූ පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.
එවැනි සාධාරණ මුදලකට ආහාර මිලදී ගැනීමට සූදානම් බවද එවිට ආහාර සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුව විසදෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර වේල සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙන හෙයින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලෙසටද පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනෙකු සිටියත් බොහෝ දුරට එක් දිනකදී ආහාර ලබා ගන්නේ මන්ත්‍රීවරුන් පනස් දෙනෙකුටත් වඩා අඩු සංඛ්‍යාවක් බවත් පාර්ලිමේන්තුවෙන් ආහාර ගන්නා වැඩි පිරිසක් එහි සේවකයන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් බවත් පක්ෂ නායකයෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මේ අනුව පාර්ලිමේන්තුවේ ආහාර ගාස්තු වැඩි කිරීම කෙරෙහිද එම රැස්වීමේදී අවධානය යොමුවිය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (2) පෙරවරුවේ පැවැත්වුණු මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ ඇරිලා " ජිම් "එකට දැන් යන්න ඕනෑ නැහැ කියලා දයාසිරි කියනවා ඇහුණාද?
පුන්නක්කුත් ඒකට එකතු කරන්න..!
කලින් කාපු විදිහටම කාගෙන යන්න. අපි කන විදිහට කන්න එපා...
සරලකමක් ඕනෑ නැහැ, කරන්න තියෙන්නේ තමන් කැමැති ඕනෑම කෑමක් ඕඩර් කරලා ඒකට යන වියදම කපාගන්නවා. රාජ්‍ය සේවයේ ඔක්කෝටම කෑම දෙන්නේ නැහැනේ.
ඔතන සුදුසුම ආහාර වේල තමයි පුන්නක්කු සහ වතුර...
පඩියක් වරප්‍රසාද සහ විශ්‍රාමිකයක් සමග ඔබ කරන්නේද රැකියාවකි. අපේ රැකියාවේදී අපේ වියදමින් අපි ආහාරය සපයා ගන්නෙමු. ඔබද ඔබගේ ආහාරය අපෙන් හිඟානොකා ගෙදරින් රැගෙන එන්න. නැතහොත් ආපන ශාලාවකින් මිලදී ගන්න. අපගේ රැකියාවෙන් අපගේ ආයතනයට හෝ සේවයක් වුණා. අපගෙවන මුදලට සරිලන සේවයක් ඔබගෙන් ඉටුවී නොමැත. අනික අපට තවදුරටත් දියවන්නා හිඟන්නන් නඩත්තුකළ නොහැක. පාර්ලිමේන්තු කැන්ටිම පුද්ගලික ආයතනයකට පවරන්න. එවිට අවශ්‍ය අයට ආහාර මිලදී ගතහැකිය. 74 වසරක ඔබගේ සුපිරි සේවය තුළින් ඔබට හිඟාකෑමටද පුද්ගලයෙකු රටේ නොසිටිනු ඇත..!
මෙලෙස ලබාදෙන ආහාරපාන වෙනුවෙන් රටේ පවතින මිල ගණන් අනුව අය කිරීමට පියවර ගත යුතු අතර සහන ලබාදෙමින් සාමාන්‍ය ජනතාව වෙත බර පැටවීම නොකළ යුතුයි.
අනේ පව්... ඔය පාර ඉදිරියේදී මන්ද පෝෂණය හැදේවි. විලිලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කිව්වේ කට කහනවටද? කාපු හරිය හොඳටම ඇති. දැන් සරල වුණත් නැතත් වැඩේ කරලා තියෙන්නේ රටට සහ අහිංසක මිනිස්සුන්ට... කාපු හරිය හොඳටම ඇති...
බත්, පරිප්පු, පොල් සම්බෝල දුන්නනම් ඇති මෙයාලට. තෙරෙන්නෙ අරින්න ඕනෙ සාමාන්‍ය ජනතාව කන්නෙ පරිප්පු සහ බත් කියල. සල්ලි තිබුනොත් අතෙ. කුකුල් මස් 500g පවූලකට වෙලකට එක කුඩා කැබැල්ලක් එක් අයෙකුට. ඒකයි යතාර්ථය.
සේවකයන් හා අමුත්තන්ට සීමා රහිතව නොමිලේ කෑම දෙනවනම් අපි වුනත් අපි දන්න අයව ගේන්න පෙළඹෙනවා. ඒ අයට මාසික වැටුප ලැබෙන බැවින් මුදල් ගෙවා මිලදී ගන්න දෙන්න. අනෙක් පෞද්ගලික ආයතනවල රියදුරු රැකියාව කරන අයට වගේ ගෙදරින් කෑම එකක් ගේන්න බැරි කමක් නෑනෙ. බැරිකම් කැන්ටිමට මුදල් ගෙවා ඒ අයට ගන්න කියන්න. දුප්පත් මිනිස්සුන්ගෙ වක්‍ර බදු ගසා පොහොසතුන්ට හදිසියෙ හෙළිකොප්ටර් ගැනීමට තරම් වාසි සැලසුවා.මහජනතාව විදවනවා වගේ මෙවැනි තීරණ ගත් අයටත් විදවන්න වෙනවා.