
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ පළමුවෙනි සැසිවාරය අවසන් කිරීමත් සමග අහෝසිවුණු පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) ඇතුළු කාරක සභා පනහ නැවත පිහිටුවීම සම්බන්ධ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම කමිටු අතුරින් ප්‍රධාන කමිටු කිහිපයක මුල් පුටු වෙනස් වනු ඇතැයි දැනගන්නට ඇත.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද විවෘත කෙරුණු අතර අහෝසිවී පැවති සියලුම පාර්ලිමේන්තු කමිටු මේ අනුව යළි පිහිටුවීමට අවස්ථාව සැලසෙන්නේය.
පාර්ලිමේන්තුවේ කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ තේරීම් කාරක සභාව (committee of selection ) විසිනි.
කතානායකවරයා විසින් එම තේරීම් කාරක සභාවද අද හෙටම පත් කෙරෙනු ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමග එහි කමිටු බොහොමයක් අහෝසිවී යෑම නිසා ඒවායේ එතෙක් ක්‍රියාත්මකවෙමින් පැවති වැදගත් විමර්ශන ගණනාවක් ඇණ හිටියේය .
කමිටු නැවත පිහිටුවීමෙන් පසු එම විමර්ශන එතැන් සිට යළි ආරම්භ කිරීමට හැකිවන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd