(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතු බව එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතීඥ ලාල් විජේනායක මහතා කොළඹදී පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරිම නරක පූර්වාදර්ශයක් බැවින් වහාම එයට එරෙහිව පියවර ගන්නා ලෙසට කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද විජේනායක මහතා සදහන් කළේය.
එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජිතයන් පිරිසක් රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් ස`දහා වු ජාතික ව්‍යාපාරයේ කාර්්‍යාලයේ අද(19) පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිනීතීඥ ලාල් විජේනායක මහතා මෙසේද කීවේය.
‘‘රට දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. මේ අර්බුධය ලංකා ඉතිහාසයේ අපි මුහුණ දීපු දරුණුතම අර්බුදයයි. මේක නිර්මාණය කලේත් පවත්වාගෙන යන්නේත් මෛත්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ කියන එක අපි පිලිගත යුතුයි. ඒ දෙදෙනාම ආත්මාර්තකාමි ලෙස තමන්ගේ අභිප්රායන් ඉෂ්ඨ කරගරනීම සදහා කරන කුමන්ත්රණයේ ප්රතිඵලයයක් ලෙස අපිට මෙයට මුහුන දිමට සිදුවෙනවා.
මහින්ද රාජපක්සටත් ඒ පවුලේ අයටති තියෙන නඩු ඉවත් කිරීමටත් මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් ජනාධිපතිවරයා වීමේ කුමණ්ත්‍රණයක් තමයි මෙතන තියෙන්නේ.
පාර්ලිමේන්තුවේ මේ හැසිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද තියෙනවා කියලා යම් අදහසක් තියෙනවා.
පාර්ලිමේන්තුව කටයුතු යථාපරිදි පවත්වාගෙන යාමට අවහිර කිරිම සදහා වූ ගන්නා පියවර තමයි මේ ගනිමින් ඉන්නේ. ඒ නිසා ඒ ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිම ආරක්ෂාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැහැ.
පොදු දේපල වලට හානි කරමින් පොලිස් නිළධාරින්ට පහර දෙමින් මිරිස් වතුර වලින් පහරදෙමින් සිදුකල පීඩනය පිලිබද රටේ සාමාන්‍ය නිතියට අනුව කටයුතු කළ යුතුයි. ඒ අනුව කටයුතු සිදු නොකරන්නේ නම් අපේ රටේ නිතිය හා සාමය පවත්වාගෙන යන්න බැරි වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනම විදියකට හැසිරෙන්න පුලූවන්නම් මේ රටේ සිටින සැම කෙනෙකුටම ඒ නිදහස තියෙන්න ඕන. මේ අපරාධ සම්බන්දයෙන් විඩියෝ පට තියෙනවා.
සාක්ෂි තියෙනවා අපි කථානායකතුමන්ගෙනුත් ඉල්ලනවා වහාම හෙම් සම්බන්දයෙන් පොලීසියටත් පැමිනිලි කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා යැයිද ඔහු එහිදි පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහිකාරයන් හැර අනිත් අය ගැන නේද මේ කියන්නේ?
මා සිතන්නේ මේ සියල්ලට මුල එජාපෙට නියමිත වෙලාවට අය වැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. බැලු බැල්මට පෙනෙන්නේ වගකීමකින් තොරව ගත් ණය ආපසු ගෙවීමට රටේ ආදායමක් නැති බවයි. මේ සියලු රගපෑම් පිටුපස ඇත්තේ ඔය කරුණයි.
ඇත්තටම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔය ඉන්න 225 දෙනාටම විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නේද.
අවම වශයෙන් වසර දහයකටවත් ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි.
මොවුන් පොලිසියේ උදවියද කියා ප්‍රථමයෙන් බැලිය යුතුයි. ඔවුන් පොලිසි නොම්බරය පැළද නොසිටිනා නිසා මොවුන් කවුරුන්ගේ හෝ මැරයන්ද විය හැක.