IMG-LOGO

පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරිනියකගේ ලක්ෂ හතක රන් උස්සලා

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පොලීසියේ පොලිස් නිලධාරිනියකගේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් මාලයක් සහ රන්මුදු දෙකක් එහි පොලිස් කාන්තා භට නිවාසයේදී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ සිද්ධියවී ඇතැයි පැවැසෙන්නේ මීට දින කිහිපයකට ඉහතදීය.

මෙම නිලධාරිනිය සිය රන් මාලය සහ මුදු දෙක එහි කිසියම් ස්ථානයක ගලවා තිබියදී කිසිවකු එය සොරකම් කර ඇති බව එම නිලධාරිනිය කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ යැයි වැලිකඩ පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

සොරකම් කර ඇති රන් මාලය සහ මුදු දෙක මෙතෙක් සොයාගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් එම තනිකඩ නිවාසයේ පොලිස් කාන්තා නිලධාරිනියන් නව දෙනෙකු පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම කරගෙන යන බවයි.

 



අදහස් (4)

පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරිනියකගේ ලක්ෂ හතක රන් උස්සලා

අබිලින් Saturday, 27 August 2022 08:30 AM

තමන් සමග එක වහලක් යට සිටිමින් එකම ආයතනයේ එකම සේවයේ සිටිමින් මෙහෙම කරනවා නම් මොවුන් සාමාන්‍ය ජනතාවට කොහොම කරයිද?

:       41       16

අබිලින් Sunday, 28 August 2022 06:05 AM

ඩිස්ලයික් දමලා ඇත්ත වහන්න බැහැ...

:       0       1

Chinthaka Saturday, 27 August 2022 12:07 PM

පාර්ලිමේන්තුවේ මාල කඩන අය එහෙමත් ඉන්නවා නේද?

:       7       13

P. Ilangaratne Saturday, 27 August 2022 03:05 PM

පාර්ලිමේන්තුවේ මාලහොරු ඉන්න බව මේ නෝනා දන්නේ නැද්ද?

:       7       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 326 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 496 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site