(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු සභා ගැබේ මැති ඇමැතිවරුන් පොදු දේපළ වලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම යන සිද්ධින් සම්බන්ධයෙන් කථා නායකවරයාගේ අනුමැතිය ලැබුණු වහාම පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
දැනටමත් මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
පාර්මේන්තු සභා ගර්භයේ සිදුවන සිදුවීම් වෙනුවෙන් පොලිසියට සෘජුවම සම්බන්ධ වී පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බවත් කථා නායකවරයාගේ අවසර ඒ සදහා අවශ්‍ය බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
ගත වු දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ සිදු වු සිදුවීම් වලින් පොදු දේපළ රැසකට හානි සිදුව ඇති අතර මැති ඇමැතිවරුන්ගේ පහර දීමට ලක්වු පොලිස් නිලධාරීන් කිහිපදෙනකුම තුවාල ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අශෝභන ලෙස හැසිරුණ හා පොදු දේපළවලට කළ හානියේ වන්දිය අදාළ පුද්ගලයින්ගෙන් පුද්ගලික මුදලින් අයකර, ඔවුන්ගේ මැති ඇමතිකම් කෙටි කාලීනව හෝ අත්හිටුවන්න. නැත්නම් මෙය ඉතාමත් දැඩි නරක පූර්වාදර්ශයක් වනු ඇත...
මේ උදවිය පුටු කඩමින් වටිනා විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ කඩා දමමින් කතා නායකගේ ලාච්චුව ඇරලා අතට අහුවෙන පොත් පත්, වටිනා දේවල් වලින් දමා ගහමින් ඒ මදිවට එකෙක් මිරිස් කුඩුත් දමා ගසමින් කරපු මේ අතිවිශාල විනාශය මේ රටේ සමස්ත බාල පරම්පරාවම දැක්කා. රුප රාමු වල මේ අය පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා ඒ අය හඳුනාගෙන නිතිය ක්‍රියාත්මක කරලා දේශපාලනයෙන් සහමුලින්ම නෙරපා හැරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මුළු රටේම සමාජයේ මේ අයගේ හැසිරීම අතිමහත් විනාශකාරී ලෙස පැතිරෙනවා.
පරීක්ෂණයක් සදහා අවසර ගැනීම පොලිසියට අයිති දෙයක්. නැතුව කතානායක කියනකන් සිටිය යුතු නෑ. පක්ෂ පාට නැතුව සියලු දෙනාට පොදු දේපල පනත යටතේ නඩු පැවරිය යුතුයි.
ඔය රටට ආදරේ මිනිස්සුද? මෙයාලට රට දුන්නොත් කොහොම වෙයිද?