(රංජන් කස්තුරි)
නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවට වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය චෝදනා කරයි.
වෛද්‍ය පරිපාලන තනතුරුවලට සුදුස්සන් පත් කිරීමේදී වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරිනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට සඳහන් කරමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවද එම සංසදය කියයි.
නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ විශේෂිත මහජන සෞඛ්‍ය ආයතනවල තනතුරු 18ක් සඳහා පත්කිරීමේදී ප්‍රජා සෞඛ්‍ය පශ්චාත් උපාධිධාරීනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ඉතිරි නියෝජන වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරු සඳහා පත්කිරීමේදී වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත් නිර්දේශ කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබූ බව ද වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර අතරම ප්‍රශ්නද? තව ටික දවසකින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවුරුදු 10ක සේවය ඇති ශල්‍ය, නාරිවේදය, වැනි වාට්ටු වල වැඩ කරන වෛද්‍ය නිලධාරින් විශේෂඥ වෛද්‍යවරු කරන්න කියයි. තමන්‌ට වෛද්‍යවරු ලෙස තියෙන බලය වැරදි විදියට භාවිතා කරන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැන් වැඩ කරනවා වගේ. තව ටික කාලෙකින් මේ ගෞරවණීය වෘත්තියත් විනාශ කරයි... මේ සංගමය.
බොහොම අමාරුවෙන් වර්ජනය කරලා බේගල් දෙසාබාලා මීය කඩාගත්තේ ඇඟිලි ලෙවකාලා බකන් නිලාගෙන ඉන්න නෙවේනේ... අන්තිමට ඔය පත්වීම් අනුමත කරන අයගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලත් ඇහුවොත් තමයි වැඩිය හොඳ...
සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනයට නිලධාරීන් පත් කිරීමට කිසිම රජයක් දොස්තරලාගෙන් අවසර ගත යුතු නැහැ. "ගොමා" නමැති දකුණු ආසියාවේ භයානකම මාෆියා කල්ලියට විරුද්ධව වැඩ කරන්න තරම්, ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ළදරු බව අපි දන්නවා. රාජ්‍ය රෝහල් වල සේවය අකාර්යක්ෂම කරමින්, පෞද්ගලික රෝහල් වලට රෝගීන් අද්දා ගෙන ජනතාවගේ මුදල් සුරාකෑමට උපරිම සහයක් දක්වන මේ මාෆියා සංගම් කල්ලිය ගැන අපි දැනගෙන ගොඩක් කල්. හරිහමන් නායකයින් මේ රටේ හිටියා නම්, ඔය මාෆියා කල්ලි කාරයින්ට මේ විදිහට නටන්න දෙන්නේ නැහැ.
වෛද්‍ය සංගමයටත් ඕන නැති වැඩක්....
ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනතට අනුව වන නීත්‍යානුකූල අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වගන්තියට අනුව ලද නිර්දේශය අධිකරණමය තීන්දු හා එකඟතාවයන් 02කට පසු ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත්ව ඇතිවිට එය අහෝසි කිරීමට තර්ජනය කරන්නන් සඳහා සුදුසු වන්නේ බර කරත්තය සහ සෙක්කුව පමණක් නොවේද?
වැඩ වර්ජන කර රෝගීන් ප්‍රාණ ඇපයට තබා ඉල්ලීම් දිනා ගැනීමේ ඩ්‍රැකියුලා න්‍යාය සහ රාජපක්ෂ හිතවත්භාවය මත යමක් වේවි...!!!