(හර්ෂණ තුෂාර සිල්වා)
මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වී යනු ඇතැයි මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා සඳහන් කර ඇත.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා ඒ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය දෙවතාවකදී නිවේදන නිකුත් කළ අතර එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති විය.
ප්රජාතන්ත්රවාදයට ගරු කරන්නැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් පාර්ලිමේන්තුව කැඳවා අග්‍රාමාත්‍යවරයා කවුරුදැයි තීරණය කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ දෙන්නැයි ද යුරෝපා සංගමය එම දෙවතාවේදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ ජාතික සංහිඳියාව (ප්රතිසන්ධානය) සම්බන්ධයෙන් මෙතෙක් ගත් පියවර සහ ක්‍රියාමාර්ග අඩපණ වීමේ අවදානමක් ඇතැයි යනුවෙන් යුරෝපා සංගමය තුළ යම් කනස්සලක් ඇති වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
“ශ්‍රී ලංකා රජය ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගත්තේ විවිධ පොරොන්ඳු හා බැඳීම් මත. ඒවා ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත් එම සහනය ඉවත් කරගැනීම ගැන සලකා බලන්නට යුරෝපා සංගමයට සිදුවෙනවා” රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් තානාපතිවරයා පවසා ඇත.
“මහින්ද රාජපක්ෂ මහතා සංහිඳියාව සම්බන්ධයෙන් මොනවගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයිද කියන්න මට කියන්න බැහැ. එහෙත් අපි ඇති කරගත් එකඟතා සහ පොරොන්දුවලට වඩා එය වෙනස් වෙන්න පුළුවන්. ඊට ඉඩ කඩක් තිබෙනවා” යැයි හෙතෙම සඳහන් කර ඇත.
පසුගිය සතියක කාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ රනිල් වික්‍රමසිංහ මහතා ද රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර යුරෝපා සංගම් තානාපති මාර්ගේ මහතා ද ඒ අතර විය.
යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළකි. ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන සහ මත්ස්‍ය අපනයනවලින් වැඩි ප්‍රමාණයක් යැවෙන්නේ ද යුරෝපයටය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයට කන්න ගියාම 70ක් පාලනය කළවුන්ගේ රඟේ...
ඕක දුන්නේ අපට අාදරේට නෙමෙයිනේ... ඔයගොල්ලන්ගේ යාළුවාට වරදින වෙලාවට ඔය තෝන්ලණුවෙන් අදින්න බලාගෙනනේ? ඉතින් හුරේදාළා අදින්න.
අපේ ගාර්මන්ට්වලට දෙයියන්ගේම පිහිටයි...
ඔන්න ආයෙත් වරක් අපේ රටේ පාලකයන් අනාගෙන කන්න හදනවා ! රනිල් ප්රමුඛ යහපාලන රජය විදේශීය රටවලින් ලබාගත් සහන රැසක් මේ නාඩගම නිසා නැතිවෙන්නයි යන්නේ. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් අල්ලේ නටවනවා වගේ ජ්‍යාත්‍යන්තර ප්‍රජාව ඔය බිලි පූජාවලට නොරැවටෙන වග වටහාගන්න බැරිබව දැන්වත් අපේ "ලොක්කන්ට" තේරුම් ගියොත් රට අගාධයට යාමෙන් වළක්වාගන්න පුළුවන්. වලට වැටුණු මිනිහා ගොඩට ආ යුත්තේ එම වලකටින්ම නොවේද? මේක නිකම්ම වලට වැටිමකුත් නොවෙයි, සමුහ වශයෙන් ජනතාවත් එක්කම වලට පැනීමකි. එහෙත් අපේ රටේ සමහර උද්දච්ච පාලකයින්ට එය තේරුම් ගැනීමට තරම් මොළයක් තිබේද කියා පසුගිය දින දහය තුල සිදුවුන රංගන වලින් පැහැදිලි වෙනවා ! ඒවගේම ඔවුන්ට "උපදෙස්" නමින් අපේ සමාජයේ විවිධ තරාතිරමේ අය දෙසන වැදිබණ ඉතාමත් පිළිකුල් සහගතයි... රටේ ඡන්දදායකයන් දෙන පිළිතුරු වලට වඩා බලසම්පන්න අවි විදේශීයන් අප රටට එරෙහිව පාවිච්චි කරන දින වැඩි ඈතක නොවෙන්න පුළුවන්..!
අනේ යන්න...
ඕක නිසා අපිට පුදුම සහනයක් තිබුණා...
දැන් සැපද? කොහොමද එ්ක...
ඔය මොන දේ නැති වුණත් අපිට අපේ රට වටිනවා ..
GSP එක රෝල් කරලා ගහගත්තනම් ඉවරයි..
ඩයස්පෝරාවේ සල්ලි වලට කහිමින්, අපිට සීනිබෝල දීලා ඔවුන්ගේ අරමුණු ඉෂ්ටකරගැනිමට මානබලන ජාත්‍යන්තර භූතයින්...
විනයානුකූල නායකයෙක් යැයි ලෝකයේ ජනාදරයට පාත්රවූ කෙනෙක් අවසානයේදී රට තුළ නිර්මාණය කර ඇති දේශපාලන වාතාවරණය ඉතාම අශීලාචාරය. අසරණ මිනිසුන් මුලාවේ හෙලමින් මෙවැනි කටයුත්ක් කිරීම ඇත්ත වශයෙන්ම ආත්ම ගණනකින්වත් වන්දි ගෙවීමට නොහැකි පාප කර්මයකි. එය වසා ගැනීම සඳහා “මැරුවත් ෆෙඩරල් දෙන්නේ නෑ,උතුරු නැගෙනහිර එකතු කරන්නේ නෑ” වැනි සංවේදී කතා සිංහලයින් සොච්චමක් පිනවීමට සමත් වුවත් එයින් ඔහුට හෝ සමස්ථ රටට ඇතිවන සුගතියක් නැත. එසේ කියා තමන්ගේ පෞද්ගලික වාසි ලබාගත් පිරිස් ඇතිකළ හානිය, රට බෙදීමට සටන් කල වුන් කළ හානියට වඩා සුවිශාලය. ජනාධිපතිතුමාද ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ, ජාතිවාදය නමැති ව්‍යාකූල අසික්කිත සමාජ සැහැසිකම තමන්ගේ දේශපාලන වාසිය සඳහා භාවිතා කරමින් සිටී. එය ඔහුට කිසිම දිනෙක රට සහ රටේ මිනිසුන් වෙනුවෙන් ස්ථීර ප්‍රතිපත්ති ඇතුළත් වැඩපිළිවෙලක් නොතිබූ බව සනාථ කරන්නකි. නාමල් අද කියන්නේ මහින්ද අගමැති කිරීමේ රහස් සැලැස්ම මාස 4 ක්ම ක්‍රියාත්මක වූ බවය. එසේනම් ඝාතන කුමන්ත්‍රණ නාඩගම පට්ට පල් කෙබරයකි. දැන් බිහිවීමට යන මුදලට විකිනෙන ජඩ මිනිසුන්ගේ පාලනයෙන් රටට වෙන කෙන්ගෙඩියක් නැත. අපට දුක ඒකයි.
අපි රටක් විදියට ස්වයංපෝෂිත වෙන්න ඕනේ පුළුවන් උපරිමේට... එතකොට මේ එක එක ගිවිසුම්වලට බාල්දු වෙන්න ඕනෙවෙන්නේ නෑ. පිටරටවල් මත සහ අයි.එම්.එෆ්. මත දැඩි ලෙස යැපෙන තාක්කල් අපිට කොහොමත් මේ වගේ වෙලාවල පරිස්සමින් වැඩ කරන්න ඕනෑ...
මේ විදිහට කරන දෙගොල්ලක් ඉන්නවා. එක ගොඩක් ත්රස්තවාදීන්, දාමරිකයින් හොරුන් වගේ කණ්ඩායම්... ඒ අය කරන්නේ ප්‍රාණ ඇපයට කවුරුහරි අරගෙන, නීත්‍යානුකුල ආණ්ඩුවෙන් කප්පම් ඉල්ලන එකයි. දෙවෙනි ගොඩ සීනි බෝල දීලා පුංචි ළමයින් රවට්ටන වැඩිහිටියන්. මේ GSP මගුල කොහොමත් හැමදාම තියෙන්නෙත් නැහැ. දැන් ඉස්සරහට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් අයින්වුණාම, යුරෝපේ එන ගැටළු ගොඩත් එක්ක මේවා කොහොමත් නැතිවෙනවා. ඕක අත්හැරලා රට ඉස්සරහට ගෙනියන විදිහකුයි බලන්න ඕනේ...
GSP තිබ්බා කියලා ආර්ථිකේ මාර සුඛිත මුදිත වෙලානේ තිබ්බේ මෙච්චර කල්...
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය වැඩිම ඇමරිකාවට...
මේ සහනය හම්බ උනාට පස්සේ අපිට පුදුම සහනයක් තිබුණා.
ජීඑස්පී හින්ද තමයි මෙච්චරකල් කාලා බීලා හිටියේ නැද්ද මම කියන්නෙ. හාල්වත් නැති අපිට මොන ජීඑස්පීද......
මේවා දිහා බැලුවම අපිට ලැබුණු නිදහස මොකක්ද කියලා හිතෙනවා. සුද්දෝ තාමත් අපිව පාලනය කරනවා අපේ මිනිස්සු ලවාම. මේ වගේ ක්‍රමයක් තමයි ඉස්සර ඉන්දියාවේත් තිබ්බේ. මහරජවරු හරහා බ්‍රිතාන්‍යය පාලකයන් ඉන්දියාව පාලනය කරා අවුරුදු සිය ගණන්. එහෙම බැරි උනාම යුද්ධයක් ගෙනෙයි, නැත්නම් මිනිස්සුන්ව කුපිත කරයි මේවගේ සහන නවත්වලා, එහෙම කරලා බලන්නේ මිනිස්සු ලවාම දේශප්‍රේමි නායකයන්ව පන්නලා දාන්නයි. මේක බ්‍රිතාන්‍යය යුගයේත් වුනා. ඒක නිසා මේවාට අහුවෙන්න එපා. යුරෝපයෙන් අපේ බඩු ගන්නේ නැත්නම් වෙන රටකට දෙමු.
ඔය සහනයෙන් තමයි අපි මෙච්ච්චර කලක් ජීවත් වුනේ
අනේ මේ කමෙන්ට් දාන අයගේ කටින් චණ්ඩිකම් තිබ්බට මේ පත්තරේම පුවතක් තියනවා ඉරානයෙන් තෙල් ආනයනය කරන්න රටවල් කිහිපයකට පමණක් සහනය දීල තියනවා ඇමරිකාවෙන්... හැබැයි යුරෝපා සංගමේ රටවලට නැහැ. පේනවා නේද ලෝක බලවතුන් කරන දේ. බුද්ධියක් තියන මිනිස්සු නම් උඩුගම්බලා යන්න ගිහින් ගිලිලා මැරෙන්නේ නැහැ. පරිසරය තේරුම් අරන් මොලයෙන් වැඩකරනවා මිසක්. හැඟීම් තිබ්බට මොලේ නැහැ බහුතරයකට. කට විතරයි !!!