
(එම්.සුසිල් ප්‍රියන්ත)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කන්දෙගොඩ කැපූ ඇළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී රියදුරු පුහුණු පාසලකට අයත් වෑන් රථයක් දුම්රියක ගැටී එම රියදුරු පුහුණු පාසලේ ප්‍රධාන රිය පුහුණුකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරී දුම්රියේ මේ වෑන් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි.
මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ කලුවඩුමුල්ලේ පදිංචි අයකු බවත් ඔහු සිය නිවසේ සිට අම්බලන්ගොඩ බලා යමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇති බවත් පොලීසිය කියයි.
මේ අනතුරින් වෑන් රථයට දැඩි අලාභහානි සිදුවී ඇති බවත් පොලීසිය කියයි.
ආධුනිකයින්ට රිය පුහුණුව ලබාදෙන රියදුරු පුහුණු පාසලක ප්‍රධාන රිය පුහුණුකරු මෙසේ අනාරක්ෂිත ලෙස රිය ධාවනයේ යෙදීම ඉතාම කණගාටුදායක බවද පොලීසිය කියයි.
අපරීක්ෂාකාරී රිය ධාවනයේ යෙදීම සම්බන්ධයෙන් මේ රියදුරු පුහුණු පාසලේ ප්‍රධානියා මෙන්ම එහි ප්‍රධාන රිය පුහුණුකරුවූ තැනැත්තාට එරෙහිව නීතිමය කටයුතු කරන බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අධිවේගයේ බස් රියදුරන් දෙදෙනාත් මේ රියදුරු පාසලෙන්ද දන්නේ නැහැ රියදුරු බලපත්‍ර ගත්තේ....?
මම වගකීමෙන් කියන්නේ.. ලංකාවේ රිය අනතුරුවලින් 90% ක්ම නුසුදුසු රියපුහුණු පාසල් සහ පුහුණුකරුවන්ගේ වරදින් සිදුවන ඒවා...
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මෙරට බොහොමයක් තිබෙනු දැකගත හැකිය. මේ නිසා වාර්ෂිකව සිදුවෙන අනතුරු සංඛ්‍යාව බොහෝය. ප්‍රධාන වගකිව යුත්තන් වනුයේ, රජය හා දුම්රිය දෙපාර්තමේන්තුවයි. කරුණු කාරණා එසේනම්, පොලීසිය අනනතුරට ලක්වූ අයට නීතිමය පියවර ගැනීම සුදුසු වන්නේද?
මෙන්න පුහුණුව ලබාගන්න නම් නියම රියදුරු පාසල...
ඒකත් හරියට අපේ රටේ ආණ්ඩුව වගේ අනුන්ට වැදි බණ දෙසමින් තමන් මහා අපරාධවල යෙදේ...
අහන්න දෙයක් නෑ... ගුරා හිටගෙන කරනකොට ගෝලයින් දුව දුව කරනවාලු. අන්තිමට අපි තමයි අමාරුවේ…!
මොහුට රියදුරු පාසලක් පැවැත්වීමට බලපත්‍රය දුන්නේ කවුද මෙම පුද්ගලයාගේ රියදුරු පුහුණු පාසලේ බලපත්‍රය අවලංගු කළ යුතුයි.. තවත් සමහරක් පුහුණු කරුවන් සාමාන්‍ය පෙළ විභාගයට පසුව රියදුරු බලපත්‍රය ගෙන රියදුරු පාසලේ ඉගැන්වීම කරනවා කිසිම පළපුරුද්දක් නැහැ...
ඔබටද මෙලෙස පුහුණු විය හැකිය....
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී, රිය පුහුණුකරුවූ තැනැත්තාට එරෙහිව නීතිමය කටයුතු කරන බවද පොලීසිය කියයි...?
අනාරක්ෂිත යන වචනය අවභාවිතා කිරීම මෙවැනි අනතුරකට පසු දැකිය හැකියි. අනතුරු හඟවන රතු සිග්නල් වලට අවනත නොවන රියැදුරන්ගේ ඉරණම ඔවුන්ම විසඳා ගනිද්දී ඊට දුම්රිය දෙපාර්තමේන්තුව හෝ රජය පළි නැත. ඒ ඒ ස්ථානයේ වාහන ගමනාගමනය අනුව ගේට්ටු, ගුවන් පාලම් හෝ සිග්නල් ලාම්පු සවිකිරීම කර තිබේ. එසේම මොවුන් පුහුණු කරන අයටත් දෙවියන්ගේ පිහිටයි. වාහනය නවතා දෙපස බලා ජනෙල් ඇර බලා සවන්දී රාත්‍රී නම් විදුලි පහන්ද නිවාබලා දුම්රිය හරස් මගක් පසුකළ යුතු බව ලංගම රිය උපදේශකවරු අපට කියාදුන් ආකාරයයි. බදුගෙවන ජනතාවගේ මුදල් මසකට ලක්ෂ 05ක් වත් වැයකොට සේවකයින් යෙදවීම දිනකට වාහන කීපයක් යන තැනකට ප්‍රායෝගික නොවේ...
කොහෙවත් යන කෝච්චියක් ඇවිල්ලා වෑන් එකේ හැප්පුවට වෑන් රියදුරු මොනවා කරන්නද.?
නුවර දසුනි ලර්නස් එකේත් පාර හරහා යු ටර්න් ගහනවා ලමයි ලව්වාම.