
(මොහොමඩ් ආසික්)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහයකට අද (16) වනදා දක්වා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල,මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ සහ අඹන්ගඟ කෝරළය සහ මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය පැය 24 කාලය තුල මෙම ප්‍රදේශවල වර්ෂාපතනය මිලි මීටර් 75 ඉක්මවා ඇති බැවින් තව දුරටත් වැසි පවතීනම් නාය යෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට උපදෙස් ලබා දෙයි.
මෙලෙස නිකුත් කර ඇති මෙම නිවේදනය 2025.10.16 වන දින රාත්‍රී 7.30 දක්වා වලංගු වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd