
(සුජිත් හේවාජුලිගේ )
කැමති ඕනෑම දරුවකුට ප්‍රාථමික අංශයේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මේ වැඩපිළිවෙල පළමුවෙන්ම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නුගේගොඩ ගංගොඩවිල විජයරාම විද්‍යාලය ඒ වෙනුවෙන්ම විශේෂයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයිද ලේකම්වරයා කියයි .
එමෙන්ම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමටත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම සඳහාත් අධ්‍යාපන විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි .
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් යැයි කල්පනා කරන බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්.. ගුරුවරු තමයි ප්‍රශ්නේ..!!!
හොඳ අදහසක්... ඉංග්‍රීසි පුළුවන් නම් විභාගය අසමත් වුණත් මැද පෙරදිග හෝ හොඳ වැටුපකට රැකියාවක් කරන්න පුළුවන්...!!!
ඔවු ඉතින් ශ්‍රී ලංකාව වුණාට සුද්දගේ නීතියනේ තවමත් අපි අනුගමනය කරන්නේ.. ඒ හින්දා දැන් කෝකත් එකයි. ඕකටනේ ඔය හැමෝම දඟලන්නේ. තව අවුරුදු 10කින් සිංහල හෝඩිය හොයාගන්න වෙන්නේ පොළව හාරලා.
සිංහල සහ දෙමළ භාෂා ඉවත්කොට ඉංග්‍රීසි සහ චීන භාෂා තිබුනොත් ළමයින්ගේ අනාගතයට හරි වටිනවා. තුන්වෙනි භාෂාව හැටියට අරාබි භාෂාවත් හොඳයි.
පෙරේරා ලොක්කා දැක්කාම මතක් වෙන්නේ සුද්දන් අපරාදේ අපේ කොඩිය අයිනෙන් තිබ්බේ... සුද්දගේ කොඩියම තියන්න තිබුණා..
අපේ රටේ හැදෙන ගංජා කොළයක්වත්, රා ටිකක්වත් අපිට අයිති නැති එකේ සිංහල භාෂාවක් කන්නද?
ඔව් ඔව් මහාචාර්යතුමා එහෙම කළොත් වැඩි වැඩියෙන් සුද්දන්ගේ රටවල් වලට උගත්තු පටවන්න පුළුවනි. ඒත් ඉතින් ඒවට වියදම් අපිමද කරගන්න ඕනෑ? සුද්දො දෙන්නේ නැතෙයි.?
බමුණු කුළය පැරදවීමේ පෙරනිමිත්තකි. කොළඹ බමුණු කුලයේ පාසල්වල ඊනියා ආදිශිෂ්‍ය සංගම් තම වරිගයේ යැපීම වෙනුවෙන් මෙම සත්ක්‍රියාවට එරෙහිව පෙළ ගැසෙනු ඇත. පාසලේ ප්‍රසිද්ධිය හා ඇතිකරගත් අභිමානය රැකගැනීම උදෙසා ලාංකීය දරුවන්ගේ අධ්‍යපන අවස්ථාවන් සීමා කරවීම සාරධර්මයක් ලෙස සැලකූ පසුබිමක ඇරඹෙන මෙම පාසලද ඉදිරියේදී ඊනියා ආදිශිෂ්‍යන්ට නතුවීමට ඇති අවස්ථාවන්ට දැන්ම වැට බැදිය යුතුය. මෙම පාසලේ ආදිශිෂ්‍යන්ට තම දරුවන් ඇතුලු කිරීමට ඇති විශේෂ අවකාශ ඇහිරිය යුතු බව මාගේ විශ්වාසයයි. තවද මෙහි ශාස්ත්‍ර හදාරණ ආනාගත දරුවනට තම පාසලේ අභිමානයට වඩා ලාංකීය දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාවන් සැලසීම විපුල ඵල දෙන සාරධර්මයක් බව මුල සිටම පසක්කරදිය යුතුය. මෙයට මූලිකත්වය දෙන හා ධන පරිත්‍යාග කරන සත් ජනයාට මෙවන් සත් ක්‍රියා ඉදිරියටත් කිරීමට භාග්‍ය සැලසේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. මාගේ සුභ පැතුම්ද මේ සමග එක් කරමි.
අනිවාර්යයෙන් කරන්න.
ඉතාම හොඳ වැඩක්. 80/90 දශකයේ සිසුන්ට මේ අවස්ථාව මග හැරුණා. ඉංග්‍රීසි භාෂාව පිටින් විශේෂයෙන් ඉගෙනීමට සිදු උනා. නමුත් රජයේ පාසලේන්ම ප්‍රථමික අංශයේ සිටම ඉන්ග්‍රීසියෙන් විෂය ඉගෙනීමට ලැබීම ඉතාම හොඳ අවස්ථාවක්. මෙය හොදින් ව්‍යාප්ත වේවා සහ ස්ථාපිත වේවා කියා පතමි.
ලේකම්තුමණි මෙ හදන්නේ කොළඹට කිරි ගමට කැකිරි වැඩක් කියලයි මම නම් හිතන්නේ සෑම ළමයෙක්ම ඉංග්‍රීසි ඉගෙනීමට ඉතාම කැමතියි නමුත් පාසැල්වල හරියට ඉංග්‍රීසි ඉගැන්වීමක් කෙරෙන්නේ නැහැමයි කියල කියන්න පුළුවන්.මම අත්දැකීමෙන් කියන්නේ මගේ දරුවා ජාතික පාසැලක ඉගෙන ගත්තත් ඔවුන්ට හරියට ඉංග්‍රීසි ඉගැන්නුවේ නැහැ උසස් පෙළ පංතියේදී ඉංග්‍රීසි විෂය කාලයක් තිබුනත් උසස් පෙළ කාලයේ එකම දිනක්වත් ඉංග්‍රීසි විෂයභාර ගුරු භවතුන් පංතිවලට ඇවිත් නැහැ.මෙහෙමයි රටේ ඉංග්‍රීසි ඉගැන්වීම.මෙනිසා ගමට කැකිරි ව්‍යාපෘතිය වෙනුවට හොද පුහුණුවක් අැති ගුරු පිරිසක් ඇතිකරන ව්‍යාපෘතියක් සකසා රටේම දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න
ලේකම්තුමා අපේ රටේ නොවේ අමෙරිකාවේ හරි එංගලන්තෙ හරි අධ්‍යාපනඥයින්ගෙන් අහන්න මව් භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම ගැන.
ආරම්භයේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයට මාරුවීම හොඳ අදහසක් විය හැකි නමුත් 6 වන ශ්‍රේණියේ ඉගැන්වීම ආරම්භ කළ ඉංග්‍රීසි මාධ්‍ය ව්‍යාපෘතියට පාසල් මුහුණ දෙන ප්‍රගතිය හෝ තීරණාත්මක කරුණු ඔබ කවදා හෝ තක්සේරු කර තිබේද? මහාචාර්ය සර්?
මේක ලංකාවේ ඉන්න කලු සුද්දන්ගේ විශාල ජයක්...
ඕකට තමයි රට ලොක් ඩවුන් කළේ... දැන් කාටවත් උද්ඝෝෂණ කරන්න බැහැනේ..
වඩා හොඳ නැද්ද චීන බස උගැන්වීම. විහිළුවක් නෙවෙයි.!
අද වඩාත්ම සුදුසු වන්නේ දෙවන බස ලෙස චීන භාෂාවයි.
කපිල, ඔබගේ ව්‍යාපෘතිය, සඳහා ඉහතින් දක්වා තිබෙන අදහස් සියල්ල කියවා ඔබ කවුරුදැයි ඔබේ මනසින් විමසන්න. ඔය ව්‍යාපෘතිය ඔබ මනසින් සැලසුම් කළේ ඔබේ මව් භාෂාවෙන්ද? වෙනත් භාෂාවකින්ද? යන්න පැහැදිලි කරගන්න.
ඕවට කලින් සින්හලෙන්වත් ඉගෙන ගන්න ලංකාවටම සිග්නල් දෙන්න වැඩ පිලිවෙලක් හැදුවා නම් හොඳ නැද්ද?
බොහෝ කලකට පෙර ආරම්භ කළයුතුව තිබුණු වැඩක් ප්‍රමාද වී හෝ ආරම්භ කිරීමට අදහස් කිරීම ගැන සතුටුයි. මගේ කණිටු දියණිය හය වසරේ දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම තෝරා ගත්තා. ඒ වසර ගණනකට පෙර. ඒ වකවානුවේ සමහර විෂයන්වලට ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුවත් හිටියේ නැහැ. ඒත්, අතිරේක පන්තිවලට යොමු කරලා ඇයට අධ්‍යාපනය ලබාදුන්නා. සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 08ක් සහ එක් බී සාමාර්ථයක් සහිතව සමත්ව උසස්පෙළත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ම සමත් වූ ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ භෞතික විද්‍යා විෂය ධාරාවෙන්. සිංහල මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාලයට එන බොහෝ ළමුන් මෙන් ඇයට එහි දී අපහසුතාවට පත්වන්න සිදු නොවුණේ ඒ ඉංග්‍රීසි අධ්‍යාපනයට පින්සිදු වන්නට. වැඩිදුර අධ්‍යාපනය සඳහා යාමට අවශ්‍ය වන ජාත්‍යන්තර විභාගයක් ද ඉහළින් සමත්ව ඇය මේ වනවිට විදේශ විද්‍යාලයකින් ලැබුණු Msc පාඨමාලාවක් සඳහා යාමට සූදානමින්. ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරුවත් කුඩා කල සිටම සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍ය පොතපත පරිශීලනය කරන්නටත් අප ඉඩනඩ ලබා දුන්නා. ඒ නිසා, ඉංග්‍රීසියෙන් වගේම සිංහල භාෂාවෙන් ලේඛනයේ යෙදෙන්න ඇයට එක හා සමානව පුළුවන්...
ඉතා හොඳ ප්‍රවේශයක් වනු නියතයි...
ප්‍රතමයෙන් ඉංග්‍රීසි ගුරුවරු පුහුනු කරන්න හොඳ ගුරු මන්ඩලයක් හදාගෙන දරුවන් ඉගෙන ගත යුත්තේ තමන්ගෙ මව් භාසාවෙනි එයයි අධ්‍යාපන වේදීන්ගේමතය ඉංග්‍රීසි බාසාව ඉගැන්වීම් සඳහා වඩාත් හොඳ නිපුනත්වයකින් යුතු ගුරු පිරිසක් කිරීමයි කක යුත්තේ එවිට ලමයින්ට තම බාසාව සේම ඉංග්‍රීසි බසාවද හැසිරවිය හැකියි දැනටමත් ඉංග්‍රීසි විශය සඳහා හොඳ ගුරුවරු නැත. කොළඹ ප්‍රසිද්ධ පෑසැල් හැරුනු කොට ඒ අවට පාසැල් වල ඉංග්‍රීසි විශයට අදාල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම වඩා වැදගත් වේ
දරුවන් සිතිය යුත්තේ තම මව්බසිනි. සිංහල ජාතියේ අවසානය...!!!
මුලින්ම හොයාගනිල්ලා ගුරුවරු.. මගේ පුති ඉංග්‍රීසි මාධ්‍යයෙන් මම දන්නවා උගන්නන හැටි. මෙලෝ රහක් නෑ... ගුරුවරු නැහැ. මුලින්ම 5ඉඳලා හොඳට උගන්වන එක කරලා.. හොඳ ගුරුවරු ටිකක් හදලා හිටපල්ලා. ගොන් හැත්ත....
ඇමරිකාවේ කොලොම්බියා විහ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන කැරොල් බෙන්සන් ලියූ The importance of mother tongue-based schooling for educational quality මැයෙන් 2004 දී ලියූ වාර්තාවේ විදෙස් බසකින් දරුවන්ට ඉගැන්වීම ගැන මෙසේ පවසා තිබේ.
සැබවින්ම අධ්‍යාපනය අතින් බැලුවහොත් ඉංග්‍රීසි පාසැල්වල ශිෂ්‍යයෝ ස්වභාෂා පාසැල්වල ශිෂ්‍යයන්ට වඩා පහළ මට්ටමක සිටිති. ස්වභාෂා පාසැල්වල ශිෂ්‍යයන්ට යටත් පිරිසෙයින් කල්පනා කිරීමටවත් උගන්වනු ලබන හෙයිනි..... ඇතැම් විට ඔවුන් ( ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්නා ශිෂ්‍යයින්) ඉංග්‍රීසි ව්‍යවහාරයෙහි දක්නට ලැබෙන වචන මාලාවක් උගෙන එය අධ්‍යාපනය යයි වරදවා වටහා ගන්නා බව නම් සැබවි. පොන්නම්බලම් අරුණාචලම් 1901 වසරේ සිය ජනසංගණන වාර්තාවේ කළ සදහනකි. (උපුටා දක්වා ඇත්තේ - ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය : සියවස ප්‍රකාශනය – බෝගොඩ ප්‍රේමරත්න (1969) 562 පිටුව.)
හොඳයි..!!!
පහළම පන්තිවල මව් භාෂාව සහ ඉංග්‍රීසි භාෂා දෙකින් උගන්වා ඉන්පසු ඉංග්‍රීසි පමණක් යොදා ගනිමින් ඉගැන්වීම සුදුසු යැයි සිතමි. පහළ පන්තිවල භාෂා දෙකම වඩා විධිමත් ලෙස ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින්ම කළ යුතුවේ. මව් භාෂාවක් නොමැති වීම කණගාටුදායක තත්වයක් වේ.
ගරු ලේකම්තුමනි, මෙම අදහස සහ වැඩපිළිවෙළ ඉතාම කාලෝචිතයි. ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමට තීරණය කිරීම අගය කරමි. ඔබගේ කාරුණික අවධානයට කරුණු කිහිපයක් ඉදිරිපත් කරමි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා 2004, 2009 (මතක විදියට) වගේ වර්ෂවල බඳවා ගැනීමේ විභාග පවත්වන ලදී. එවකට අධ්‍යාපන ඇමති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා. පසුව එම විභාග සහ එවැනි බඳවා ගැනීමේ ක්‍රමවේද නැතුව ගියා. විවිධ විෂයන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සිදුවුවුත් පසුව එම වැඩ පිළිවෙළ කඩාකප්පල් වී ගිය බවයි මතක... ගරු ලේකම්තුමනි. මෙම උපාධිධාරීන් බඳවා ගැනීමේදී දැනට සංවර්ධන නිලධාරීන් ලෙස විවිධ ආයතන වල සේවය කරනු ලබන විවිධ විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරා ඇති අයට ගුරු සේවයට එක්වීමට අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන් අභ්‍යන්තර උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරා, සංවර්ධන නිලධාරී සේවයට වසර 2005 සිට එක්වු අය ගැන අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. දැනට රාජ්‍ය සේවයේ සිටින, වයස 45 සීමාව ඉක්මා ඇති ඉංග්‍රීසි මාධ්‍ය උපාධිය හදාරා ඇති අයටද එම අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
ගරු ලේකම්තුමනි, 2005 වර්ෂයේ සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගත්, දැනට රාජ්‍ය සේවයේ සිටන, වයස 45 සීමාව ඉක්මවා ඇති, ඉංග්‍රීසි මාධ්‍ය උපාධිය සහිත අභ්‍යන්තර උපධිධාරීන් විශේෂකර ගුරු සේවයට හෝ ගුරු උපදේශන සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. දැනට නියමිත උසස් වීමේ ක්‍රමවේදයක් නැති , එහෙත් ඉංග්‍රීසි මාධ්‍ය උපාධිය සහිත අභන්තර උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් අමාත්‍යංශ වල සේවය කරමින් සිටී. මෙම දැනුම අධ්‍යාපන අමාත්‍යංශය සඳහා විධිමත් ලෙස යොදා ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මේ අය අතර විද්‍යා ගණිත කෘෂිකර්ම, භූගෝල විද්‍යාව ආර්ථික විද්‍යාව වැනි විවිධ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් යම් කළකිරීමකට පත් වී සිටියි.