අජිත්ලාල් ශාන්තඋදය
සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපන බවට පළවු තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නම්පෙරුම මහතා පැවසීය.
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට කිලෝමීටර් එකහමාරක් මෙහායින් ඇති රක්ෂිත ප්‍රදේශය වසර 50 ක් පැරණි පාරක් ප්‍රතිසංස්කරණය කරන බවත් එහිදී ලෝක උරුම සිංහරාජයේ ජෛව විවිධත්වයට කිසිදු හානියක් නොවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
සිංහරාජ ප්‍රවේශ පත්‍ර අලෙවි කාර්යාලයේ ශ්‍රවණාගාරයේ අද (15) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
ලෝක උරුම සිංහරාජ වනාන්තරය හරහා පාරක් කපමින් එහි ජෛව විවිධත්වයට හානි ගෙන දෙමින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවට පසුගිය දිනවල මාධ්‍ය හරහා පළවු පුවත් සම්බන්ධයෙන් පැහැදිලි කිරිම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහිදී මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේ කීය.
"සිංහරාජයේ ගස් කැපුවා, පාරවල් කැපුවා කියලා විවිධ ව්‍යාජ මත නිර්මාණය වෙන්න පටන්ගත්තා. මේ හැදුවයි කියන පාරදිගේ අද අපි ඔක්කෝම ඇවිදගෙන ආවා. පාර සුද්ද කරන්න එක ගහක්වත් ගහක් කපලා දාලා තියනවා දැක්කේ නෑ. දිරලා පාරට කඩාගෙන වැටිලා තිබුණ ගස් මුල් පිටින් අයින් කරලා තියනවා දැක්කා. වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් අපට පැහැදිලි කළා මේක පැරණි පාරක් කියලා. ඒ බව අපිට ඇවිත් බැලූවම තහවුරු වුණා. කාලෙකට ඉස්සර බැඳපු බෝක්කු අපි දැක්කා.
ඇතැම් තැන්වල නායයාම් , පස් කඩාගෙන වැටීම් සිද්ධවෙලා තියනවා අපි දැක්කා. වැහි කාලයට ගලාගෙන වතුර පාරවල් නිසා මේ යන පාරේ තැනින් තැන ද්‍රෝනි වගේ වළවල් හෑරිලා තිබුණා අපිට පෙන්නුවා. විශාල ගල් පෑදිලා පයින් යන්නවත් බැරි තත්ත්වයට පත්වෙලා, දෙස් විදෙස් සංචාරකයන් වැටිලා අතපය පවා කැඩුණු අවස්ථා අපි දැක්කා. ප්‍රවේශපත්‍ර කවුලූව අසලදී හමුවුණ ගමේ අයත් මා සමඟ කිව්වා. සමහර විදෙස් සංචාරකයෝ වැටිලා ආබාධ වුණාම පුටුවල තියලා උස්සාගෙන ගිය අවස්ථා තිබුණා කියලා. කොහොමවත් මේ ප්‍රතිසංස්කරණය කරන පාරේ වාහන ගමන් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ."
මෙම අවස්ථාවට වන සංරක්ෂකවරුන් වන මහින්ද සෙනෙවිරත්න, නන්ද කුමාර, සබරගමු හා දකුණු පළාත්භාර කලාප වන සංරක්ෂක කුමාරසිරි, රත්නපුරදිසා වන නිලධාරී ප්‍රසාද් කුමාර, අතිරේක දිසා වනනිලධාරී තිස්ස ඩයස් බණ්ඩාර, සිංහරාජ වන පාළක අජිත් ජයසිංහ යන මහත්වරු ද මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහූ රැසක් ද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනාන්තරයක් මැදින් පාරක් මොනවටද?
ප්රශ්නය පැනනැගුනු වෙලාවක මෙන්න මෙහෙමයි පිළිතුරු දෙන්න ඕනේ. දැන් රටටම පැහැදිලියි ඇත්ත.
මේ පාර හදන්න තියෙන උවමනාව රටේ අනෙක් දුෂ්කර පාරවල් හදන්න තිබුනානම්.. අපි අද වතුරේ බැහැලා මළගම උස්සගෙන යන රටක් නොවේ....
රටේම අනෙක් ඔක්කොම පාරවල් හදලා ඉවරයිනේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ පාර විතරයි හදන්න. ඒකටයි මේ උත්සහය.
ලෝක බැංකුවේ "එස්කැම්ප්" නැමති ව්‍යාපෘතිය මත සිංහරාජයේ හා කන්නෙලිය මාර්ග ඉදිකිරීම් ක්‍රියාත්මක කරන්නේ පරිසර අමාත්‍යාංශය, වනජීවි අමාත්‍යාංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව බව වාර්තා වෙයි. මෙම ව්‍යාපෘතිය මගින් බුන්දල, නකල්ස්, ලුණුගමිවෙහෙර, ගල්ඔය,යාල, උඩවලව, විරක්කුලිචොලෙයි, වන්නියගම,ගටදිවුල, හුරළු වැව වැනි වනාන්තර කිහිපයක ගොඩනැගිලි ඉදිකිරීම් හා මාර්ග තැනීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත්, 2011.3.22 මෙයට අනුමැතිය ලබාගන්නා ලෝක බැංකුව පරිසර අමාත්‍යාංශයේ පූර්ණ එකඟතාව මත මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට උත්සාහ ගත්තද එය සිදු නොවන්නේ පරිසර අමාත්‍යාංශය අවශ්‍ය සැලසුමට අනුව කටයුතු නොකිරීම නිසා බවද, 2017 ජනවාරි මාසයේ යළි ආරම්භ වන්නේ පරිසර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පූර්ණ අනුමැතිය ඇතිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ව්‍යාපෘතිය සඳහා කාර්යාලයක්ද ආරම්භ කරමින් බවද එම වාර්තාවේ දැක්වෙයි. ගිය ජුලි 31වන දින ලෝක බැංකුවේ මැතිව් හමික් විසින් සම්මන්ත්‍රණයක් පවත්වා ඇති අතර "එස්කෑමිප්" ව්‍යාපෘතිය හරහා ණය වශයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 45 යොදා ගන්නා හැටි සාකච්ජා කර ඇති බවත් එහි සඳහන් වෙයි.
ප්‍රශ්න කීපයක් අහන්න තියනවා ඇමතිතුමනි, ඔබතුමා මේ පාර එලි කරන්න කලින් පරිසර ඇගැයිම් වාර්තාවක් ගත්තද? අවුරුදු 50ක් පරණ පාර මේ හද්දීස්සියේ ඇයි එලිකලේ? ඔය පාර නැතිව සිංහරාජෙට තියන පාඩුව මොකක්ද විදේශිකයෝ ඕවා බැලුවට ඕවා අයිති අපේ පුංචි දරුවන්ට ඊළඟ පරම්පරාවට. විදෙශිකයෝන්ට යන්න ඔයාලා ඕවා කැපුවට, එලිකලට විදේශිකයෝ ඒ අයගේ රටේ ගහකට අත තියද්දි ගන්න තියන අවසර ටික ඔබතුමා දන්නවනම් ඔය වගේ ආවට ගියාට වැඩ කරන්නේ නැහැ.
අවුරුදු 50ක් නෙවෙයි 100ක් වුනත් එම පාරෙන් රක්ෂිතයට කිසියම් හානියක් වෙනවා නම් නැවත ප්‍රතිසංස්කරණක් අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍යතාවයක් නැති පාරක් නම් ඒක වහලම දාන්නයි තියෙන්නේ..
සුද්දෙක් දෙන්නෙක් වැටෙන එක නවත්තන්න ඩොලර් මිලියන 45 ක් වියදම් කරන්න ඕනෙද?
වනය තුළට ගමන්කොට එය නැරඹීම සඳහා සෝදා පාලුවට පත්වූ පාර වෙනුවට, මැනවින් සකස් කරනලද මාවතක් තිබීම දෙස් විදෙස් සංචාරකයින්ට හට පහසුවක් සැලසීමකි. වසර 50 කට උඩදී සැකසු මාර්ගය සැමදා එම තත්වයේම තැබිය යුතු නැහැ. එබැවින්, ගල් යුගයේ තර්ක කියවමින් සිටින්නේ නැතිව, රටේ සංචාරකයින් ආකර්ෂණය වන ස්ථාන වලට හැකි තරම් පහසුකම් ලබා දීම රටේ ආර්ථිකයට යහපත් දෙයක් වනු ඇතැයි සිතමි.
අපිට මෙහෙමවත් සිංහරාජය ගැන කතා කරන්න හැකි උනේ මේ තෙත්කලාපිය වනාන්තරය සිරිමාවෝ මැතිනිගේ පාලන කාලයේ කපල තුනී ලෑලි නිෂ්පාදනය කිරීම ඊට පසුව පවතී යුඑන්පී ආණ්ඩුව නතර කරපු නිසයි. එදා මහා විශාල ගස් කපන යන්ත්‍ර, පැටවුම් යන්ත්‍ර, ට්‍රක් ලොරි ගමන් කිරීමට පුළුල් පාරවල් කපුවා. එම පාරවල් අදටත් දකින්න පුළුවන්. කොස්ගම හමුදා කඳවුර තිබෙන්නේ තුනී ලෑලි නිෂ්පාදනාගාර භූමියෙයි.