(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා විධිවිධාන ඇතුළත්, නව ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වගන්ති ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් දීමට ආණ්ඩුව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම පනත ගෙන එන්නේ රටේ ආරක්ෂාව සඳහා බව පැවසූ රාජපක්ෂ මහතා අමෙරිකාවේ බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේද මෙවැනි පනත් පවතින බව ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදයට කවුරුත් විරුද්ධ නම් මේ පනතට විරෝධය පළ කිරීමට කිසිදු හේතුවක් නැතැයි විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බොහෝ සංවිධාන දැනටමත් විරෝධය පළ කර ඇත. මෙම පනතින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑමක් එල්ල වන බව ඔවුහු පෙන්වා දෙති.
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම හෙවත් අයි.සී.ජේ ආයතනයද රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම පනත් කෙටුම්පතේ ධනාත්මක කරුණුවලට වඩා ගැටලුකාරී කරුණු වැඩි බව එම ආයතනය පෙන්වා දෙන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනතේ නම පොඩ්ඩක් වෙනස් කරන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත කියල.
ප්‍රජාතන්ත්‍රවාදය වැලැක්වීම සඳහා තරස්තවාදීන් විසින් නිර්මාණය කල පනතක් ගෙන එන්නයි සූදානම .මේක පරාජය කිරීම සඳහා අපි සැවොම එක්විය යුතුයි
කලින් රජා ත්‍රස්තවාදය විකුණාගෙන ආර්ථිකය විනාශකළා. දැන් රජා ආර්ථික ප්‍රශ්නය විකුණාගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. මොවුන්ට ස්වභාව ධර්මයෙන් නිසි දඬුවම් ලැබේවා...!
මේ විජේදාස ගැන කිසිම පනතක් විශ්වාස කරන්න බැහැ. ඔහු 17 සිට 21 දක්වා 18 හැර එම සියලු පනතටම අත ඉස්සුවා. ඔහු කළ ලොකුම මෝඩකම තමයි බැසිල්ව ගේන්න ඉදිරිපත් කළ 19ටත් අත උස්සලා, නැවත අවුරුද්දක් තුළදී එම සංශෝධනය අහෝසි කරන්න ගෙනාපු 20 සහ 21ටත් අත ඉස්සුවා. ඉතින් ඔහු තමයි රටේ අධිකරණ ඇමැති, තවද ඔහු ජනාධිපති නීතිඥයෙක්. මේක විහිළුවක්...!
මේ මිනිහා නම් පුදුම විදියට ඇන්දිල්ලෙන් වැඩ කරගෙන යන්න හදන හාදයෙක්... මිනිහා වෙලාවකට පෙන්නන්නේ හරිම සාධාරණ අවංක කෙනෙක් හරියට බෝධිසත්වයෙක් විදියට... කොහොම හරි එන එන අතට මැස්ස ගහලා පන්දම් අල්ලලා තමන්ගේ අරමුණු ඉටුකරගෙන යන කපටීම කපටි දේශපාලකයෙක්... මේ වගේ මිනිස්සුන්ගෙන් තමයි රටක ජනතාව ඉස්සෙල්ලාම ගැලවෙන්න ඕනෑ...
මේ පණත ගැන තවම නිශ්චිත අදහසක් කියන්නට අප දන්නේ නැහැ. ඒත්, මතකයේ හැටියට පසුගිය කාලේ හැදූ නීති විරෝධී ආණ්ඩුව ගෙනඒමට බොහෝ වෙහෙසුන කෙනෙක් තමයි මොහු. ඒත් ඒ ආණ්ඩුව නීතිවිරෝධී එකක් බව තීන්දු කළා. අන්න එහෙමයි මේ අයගේ පැටිකිරිය.
මේ පනතට අත් ඔසවන සියලු දෙනාටම ස්වභාවිකවම දඬුවම් ලැබෙන බව විශ්වාසයි. සියලු දෙනාම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතට විරුද්ධ විය යුතුයි. විජේදාස ගැන නම් හැමෝම දන්නවනේ...