IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා විධිවිධාන ඇතුළත්,  නව ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු  එහි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වගන්ති  ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සති දෙකක  කාලයක් දීමට ආණ්ඩුව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම පනත ගෙන එන්නේ රටේ ආරක්ෂාව සඳහා බව පැවසූ  රාජපක්ෂ මහතා  අමෙරිකාවේ බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේද මෙවැනි පනත් පවතින බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදයට කවුරුත් විරුද්ධ නම් මේ පනතට විරෝධය පළ  කිරීමට කිසිදු හේතුවක් නැතැයි  විජයදාස  රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ  බොහෝ සංවිධාන දැනටමත් විරෝධය පළ කර ඇත. මෙම පනතින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑමක් එල්ල වන බව ඔවුහු පෙන්වා දෙති.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම හෙවත් අයි.සී.ජේ ආයතනයද රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම පනත් කෙටුම්පතේ ධනාත්මක කරුණුවලට වඩා ගැටලුකාරී කරුණු වැඩි බව එම ආයතනය පෙන්වා දෙන්නේය.



අදහස් (10)

ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම මැතිසබයට

ලුම්බිණි Monday, 03 April 2023 01:04 PM

පනතේ නම පොඩ්ඩක් වෙනස් කරන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත කියල.

:       4       23

සුරලොව ඇල්මන්Monday, 03 April 2023 02:22 PM

එහෙම කළොත් ඉතාමත් හොඳයි... ඇත්තටම දරුවන්ට අධ්‍යාපනය කරන්න තියෙන අයිතිය (වෘත්තීය අයිතිවාසිකම් කියමින් වර්ජන තර්ජන කිරීම මගින්) නැතිකිරීම වෙනුවෙනුත් පනතේ විධිවිධාන යොදන්න ඕනෑ... ඒ වගේම නවකවදය වෙනුවෙන්ද වගන්ති ඇතුළත් කළොත් වටිනවා...

:       8       3

sujeewarMonday, 03 April 2023 02:51 PM

ඔබගේ අදහස් දෙක බහුතර ජනතාවක් පීඩාවට පත්කරවීමට හේතු වන කරුණු බැවින් එකහෙලා අනුමත කරමි.

:       0       5

aravinda Monarawila Monday, 03 April 2023 01:19 PM

ප්‍රජාතන්ත්‍රවාදය වැලැක්වීම සඳහා තරස්තවාදීන් විසින් නිර්මාණය කල පනතක් ගෙන එන්නයි සූදානම .මේක පරාජය කිරීම සඳහා අපි සැවොම එක්විය යුතුයි

:       6       26

රත්නසිරි ගුනවර්ධණ Monday, 03 April 2023 02:20 PM

කලින් රජා ත්‍රස්තවාදය විකුණාගෙන ආර්ථිකය විනාශකළා. දැන් රජා ආර්ථික ප්‍රශ්නය විකුණාගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. මොවුන්ට ස්වභාව ධර්මයෙන් නිසි දඬුවම් ලැබේවා...!

:       5       12

සත්‍යපාල Monday, 03 April 2023 05:20 PM

රත්නසිරියෝ මොවුන්ට ස්වභාව ධර්මයාගෙන් දඬුවම් ලැබේවා කිව්වාට රනිල්ට ජනාධිපති තනතුර ලැබුනේ ස්වභාව ධර්මයාගෙන් කියලා අමතකද? කවුරු අනුමත නොකළත්, කවුරු විරුද්ධව අදහස් පළකළත් ස්වභාව ධර්මයා සමග විශ්ව ශක්තිය රනිල්ගේ කටයුතු අඩාල කරන්නේම නැහැ...

:       1       1

Hafeel Monday, 03 April 2023 02:21 PM

මේ විජේදාස ගැන කිසිම පනතක් විශ්වාස කරන්න බැහැ. ඔහු 17 සිට 21 දක්වා 18 හැර එම සියලු පනතටම අත ඉස්සුවා. ඔහු කළ ලොකුම මෝඩකම තමයි බැසිල්ව ගේන්න ඉදිරිපත් කළ 19ටත් අත උස්සලා, නැවත අවුරුද්දක් තුළදී එම සංශෝධනය අහෝසි කරන්න ගෙනාපු 20 සහ 21ටත් අත ඉස්සුවා. ඉතින් ඔහු තමයි රටේ අධිකරණ ඇමැති, තවද ඔහු ජනාධිපති නීතිඥයෙක්. මේක විහිළුවක්...!

:       0       15

චන්දිම ෆොන්සේකා Monday, 03 April 2023 02:39 PM

මේ මිනිහා නම් පුදුම විදියට ඇන්දිල්ලෙන් වැඩ කරගෙන යන්න හදන හාදයෙක්... මිනිහා වෙලාවකට පෙන්නන්නේ හරිම සාධාරණ අවංක කෙනෙක් හරියට බෝධිසත්වයෙක් විදියට... කොහොම හරි එන එන අතට මැස්ස ගහලා පන්දම් අල්ලලා තමන්ගේ අරමුණු ඉටුකරගෙන යන කපටීම කපටි දේශපාලකයෙක්... මේ වගේ මිනිස්සුන්ගෙන් තමයි රටක ජනතාව ඉස්සෙල්ලාම ගැලවෙන්න ඕනෑ...

:       0       10

Samitha S. Aluthgamage Monday, 03 April 2023 03:21 PM

මේ පණත ගැන තවම නිශ්චිත අදහසක් කියන්නට අප දන්නේ නැහැ. ඒත්, මතකයේ හැටියට පසුගිය කාලේ හැදූ නීති විරෝධී ආණ්ඩුව ගෙනඒමට බොහෝ වෙහෙසුන කෙනෙක් තමයි මොහු. ඒත් ඒ ආණ්ඩුව නීතිවිරෝධී එකක් බව තීන්දු කළා. අන්න එහෙමයි මේ අයගේ පැටිකිරිය.

:       0       4

Rata Perata Monday, 03 April 2023 03:46 PM

මේ පනතට අත් ඔසවන සියලු දෙනාටම ස්වභාවිකවම දඬුවම් ලැබෙන බව විශ්වාසයි. සියලු දෙනාම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතට විරුද්ධ විය යුතුයි. විජේදාස ගැන නම් හැමෝම දන්නවනේ...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site