( අයි ආර් ඉන්දික)
බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු අද (04) උදෑසන එම ප්‍රතිකාර මධ්‍යස්ථායෙන් පලාගොස් ඇතැයි රෝහල් වෛද්‍ය අධිකාරිවාරයා බුත්තල පොලීසියට දැනුම් දි තිබේ .
මෙම රෝගියා ඖෂධ සංයෝජකයෙක් ලෙස කටයුතු කල අයිස්පිල්ල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි අයෙක් අයෙකි.
රෝහල් වෛද්‍ය අධිකාරි එම් එස් කේ ඒපීරිස් මහතා මේ සම්බන්ධව මෙසේ කිවේය.
ඉකුත් දෙවන දින මොහු රෝහලට ඇතුලත් කරලා තියෙන්නේ තවත් දින පහක කලයක් මෙහු තවදුරටත් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථායේ නේවාසිකව සිටිය යුතු පුද්ගලයෙකු වෙනවා.තවමත් රෝගය බෝ කිරිමේ හැකියාව පවතින අයෙක් බැවින් මෙම රෝගියාගේ අතුරුදහන් විම සම්බන්දයෙන් කල දැනුම් දීම අනුව පොලිසිය මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
පොලිතින් වලින් වටකල වැටක් තියෙන්නේ ඒ වැටෙන් සිදුරැකරලා යන්න ඇති කියලා අපි හිතනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd