
(නිමන්ති රණසිංහ සහ බණ්ඩාර තල්පත්වැව)
අඹන්පොළ දකුණ වසමේ ග්‍රාමසේවා නිලධාරීවරයා නාඳනන පිරිසක් විසින් තියුණු ආයුදයකින් පරහදි මරා දමා ඇතැයි පොලිසිය කියයි.
අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුබද්ධව සේවය කළ එස්.එම්. කපිල ප්‍රියන්ත සපුකුමාර නමැති දෙදරු පියකු මේ ආකාරයෙන් මරා දමා ඇත.
අඹන්පෙල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත ජනසභා රැස්වීමට සහභාගීවීම සඳහා යතුරු පැදියෙන් යමින් සිටි ග්‍රාම නිලධාරීවරයා වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කර පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
පැරැණි වගා ක්‍රම පැරණී වී වර්ග ආදිය රැස්කරමින් පාරිසරික වගාව දියුණු කිරීමට මහත් වෙසෙහක් ගත් පරිසරයට ඉහත් ආදරයක් දැක් වූ අයකු බව ප්‍රදේශවාසීහු පවසති.
පරැණි වී වර්ග විශාල ප්‍රමාණයක් ඔහුගේ නිවසේ සංරක්ෂණ කර ඇති අයුරු දැක ගන්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අයට දඬුවම් ලැබෙද්දී මැරුණු කෙනාගේ සොහොනේ ලී ඉරන්න පුළුවන් ගසුත් පැලවිලා තියෙයි. බාගේ වෙලාවට නිදහස් වෙන්නත් පුළුවන්
මේ පාපතරයින්ට රජ කාලයේ දඬුවම් ලබාදිය යුතුයි. වඩාත්ම සුදුසු සැඟ වූ ආයුධ සෙවීමට රැගෙන යාමයි.
ඔබතුමා රටකට අවශ්‍යම මහත්මයෙක්... ඔබතුමා පරිසරයට දැක්වූ ඇල්ම නිසා ඔබව ඝාතනය කළා යැයි මට වැටහේ. ඔබතුමාට අජරාමර නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
අනේ මේ මොන අපරාධයක්ද. ලංකාව පුරාම ඉන්නේ යක්කු.
මට මතක් වෙන්නෙ ජයලත් මනෝරත්න ශූරින්ගෙ "රාත්‍රීය මනරම්" ටෙලි නාට්‍යය.
මෙන්න මේවටයි හොයලා දැඩි දඬුවම් දෙන්න ඕන.
ග්‍රාම සේවා නිලධාරී මහත්මාට නිවන් සුව පතමි. අපේ රට ගොඩනගන්න බැරි හේතුව මේ වගේ නොමනා මිනිස්සු නිසා ඒ පාපතරයින්ට දඬුවම් දිය යුතුයි.
මහාම මහ පව්කාරයෝ. මේ සහගහන අපරාධය කරපු අයටත් මෙලොවදීම ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙයි
පෙනේද හාල් මාෆියාවේ මෛත්‍රිය...?
කොයි පක්ශයේ අයද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ?