
(යොහාන් භාසුර)
කිරිපිටි, තිරිඟු පිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ හතරේ පාලන මිල ඉවත්කිරීමට රජය ගත් තීරණයත් සමඟ එම භාණ්ඩ ‘නිෂ්චිත භාණ්ඩ’ ලෙස නම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදන බලරහිත කරමින් ඊයේ (8) රාත්‍රී අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කළේය.
කිරිපිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති ‘නිෂ්චිත භාණ්ඩ’ තත්වයෙන් නිදහස් කිරීමේ ගැසට් පත්‍රය සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ නමින් ද, තිරිඟු පිටි ‘නිෂ්චිත භාණ්ඩ’ තත්වයෙන් නිදහස් කිරීමේ ගැසට් පත්‍රය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ නමින් ද නිකුත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය දේශපාලකයින් ටිකත් ඉල්ලා අස්වී රට යන හැටියට යන්න ඉඩ හරින එකයි තියෙන්නේ. එතකොට ඔවුන්ට කරන වියදම් ටික හෝ ඉතිරි වේවි..!!!
කවුද ගැසට් පත්‍රිකා නිකුත් කරන්න අවසර දුන්නේ?
අනේ අම්මපා මෙහෙමත් ගැසට් ගැහිල්ලක්. අපි ඔය ඇහුවාමයි...