(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇතැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට ඇති එකම බාධාව මෙම නීතිමය තත්වය බව සභාපතිවරයා එම කාරක සභාවට දැනුම් දුන්නේය.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ(8)රැස්විය. දිනේෂ් ගුණවර්ධන මහතා නීතිපතිවරයාගේ මතය එම සභාවට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ක්‍රමයට මැතිවරණය පැවැත්වුවත් ප්‍රතිඵලය පැහැදිලියිනේ...
පළාත් සභා එපා... එපා... එපාමයි.
මෙහෙ රජතුමා කයිවාරු ගැහුවේ ඡන්දෙ තියන්න එයා චැම්පියන් කෙනෙක් කියලනේ... මොකද දැන් කටේ බැටරි බැහැලාද? කොහොම තිබ්බත් ප්‍රතිඵලය පැහැදිලියිනේ.. මගේ පුද්ගලික අදහස පළාත් සභා අපේ රටට අවශ්‍ය නැහැ. නිකරුණේ කරන මුදල් නාස්තියක්...
මොන ක්‍රමයටවත් පළාත් සබා අපිට එපා. පලා බබා අපිට එපා මතක් වෙනවා.