(ඉන්දිකා රාමනායක)
රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල මහජනයා ඒකරාශිවීමෙන් ඇති වන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීම සදහා ඉන්ධන පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ඉකුත් (28) විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ගොවි අවශ්‍යතා, කෘෂිකර්මාන්ත සදහා යොදා ගන්නා උපකරණ වලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා බූලි රැගෙන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සදහාත්, සංචාරක ක්ෂෙත්‍රයට අදාලව සංචාරකයන් ප්‍රවාහන කරන රථ වාහන සහ අත්‍යාවශ්‍ය සේවාවන් වල ගිලන්රථ, ගිනි නිවීමේ රථ, වෙනත් රෝගී ප්‍රවාහනය කරන රථ, රථ වලට ප්‍රමුඛතාව ලබා දී දීම සදහා අවශ්‍ය පියවර ගතයුතු බවද පොලිස්පතිවරයා සිය චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.
ඉන්ධන ලබා ගැනීම සදහා වාහන පෝලිම් පවතින අවස්ථාවල තදබදය අවම කිරීම සදහා සහ කළහාකාරි සිදුවීම් වලක්වා ගැනීම සදහා ඉන්ධනහල් අසලට පොලිස් නිලධාරීන් යොදවා යෙදවිය යුතු බවටද එම නිවේදනයේ සදහන් වන බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.
සෑම පොලිස්බල ප්‍රදේශයකම සාමය ආරක්ෂා කිරීමට සදහා රාජ්‍ය නිවේදිත නිලධාරීන් සුදුසු පියවර ගත යුතු බවට ද පොලිස්පතිරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොරෝනා නැද්ද?
ඔතන කියන අවශ්‍යතාවලට අමතරව කවුරු හරි වෙන අවශ්‍යතාවලටත් ෂෙඩ්වලට එනවද?
අනේ රටකට ගිය කලක්...!
(බොහෝ කාලෙකට පෙර) හොඳට තිබුණු රටක්, (අනුවණකම නිසා) අපි වැටිච්ච තැනක්...!
සර්ට අපේ ආචාරය...!!!
හලෝ කඩිනමින් තෙල් ගෙනත් දෙන්න කියලා බැසියට කිව්වා නම් මීට හොඳ නැද්ද? මහජනතාවටම කෙළින්න හදන්නේ නැතිව...!
අනේ මේ මහත්වරු... මහ එවුන්ගේ ඕනෑකමට කියන කියන දේවල් වමාරලා ... පෙත්තප්පුලා වෙලා. තමන්ගේ ආත්ම ගෞරවයත් නැතිකර ගන්නවා. ෂෙඩ්වලට ආරක්ෂාව දෙනවා කියන්නේ මහ දෙයක්ද?
පොලිස් ලොක්කන් තමුන්ලා ෂෙඩ්වලට ආරක්ෂාව දෙනකොට කසිප්පු කාරයින්, හොරුන්, කුඩු කාරයින් සහ මංකොල්ලකාරයින් රජවෙලා ඉවරයි. ඒවාටත් විසඳුම් දෙන්න බලන්න...
වහාම රටේ ජනතාව මේ අයට විරුද්ධව මහපාරට බහින්න ඕන.
දැන්නම් ලංකාවේ ගන්න දෙයක් නැහැ. මෙයාලා රට කනවා.