
(කේ. බුද්ධික කුමාරසිරි)
දින තුනක දීර්ඝ සති අන්තයක් පාසල් සහ විශ්ව විද්‍යාල නිවාඩු ලබාදීමත් මත ගම්බිම් බලා යාම සදහා පැය තුනක කාලයක් ඇතුළත මගීන් දොළොස්දහසකට වැඩි ප්‍රමාණයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත අද (07) දින සවස පැමිණ සිටි බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය පැවසුවාය.
ඒ අනුව අද (07) දින සවස 4.30 සිට 7.30 දක්වා කාලය තුළ මෙලෙස මගීන් දොළොස් දහසකට වැඩි ප්‍රමාණයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් තම ගමනාගමන අවශ්‍යතා ඉටුකරගෙන ඇත.
වැඩිම මගින් ප්‍රමාණයක් ගාල්ල මාතර හම්බන්තොට ප්‍රදේශ සඳහා පිටව ගොස් ඇත.
එක්වරම විශාල මගින් ප්‍රමාණයක් මෙලෙස බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ළඟාවීම නිසාවෙන් මගීන්ට පැයකට වැඩි කාලයක් මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට සිදුව ඇති අතර එක් බස් රථයක් පිටත් වන විට අනෙක් බස්රථය බස් රථ ගාල්ලට යොමු කිරීමට කටයුතු කර තිබූ බවද සෙරීන් අතුකෝරල මහත්මිය පැවසුවාය.

2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැය තුනට දොලොස් දහසක් මාකුඹුරට
Sk Friday, 08 August 2025 10:20 AM
මෙතන ඉන්න නිලදාරීගේ කිසිම සැලැස්මක් නැහැ. හැම තැනම ඔහොම තමා.