(යොහාන් භාසුර)
පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් වාහාම නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයාට අද (5) පස්වරුවේ උපදෙස් දී තිබේ.
මේ වන විටත් ආනයනය කර ඇති පාම් තෙල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙස ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස්දී තිබේ.
මේ සමඟම කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී තිබේ.
කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා මීට මාස හයකට පෙර උපදෙස් දී තිබූ අතර කටු පොල් වගාව අදියරෙන් අදියර ගලවා රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට වැඩි දුරටත් උපදෙස් දී තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා ඉවර වෙනකල් ද දන්නේ නෑ
ඉතා හොඳ වැඩක්. හැබැයි දිගටම ක්‍රියාත්මක වෙන්න ඕන. පොල්තෙල් නිසි ප්‍රමිතියට හදන්න දේශීය කර්මාන්තකරුවාට අත දෙන්නත් ඕන.
මතකද වතුර බෝතල් එකටත් හලාල් සහතික නිකුත්කරනවා කියලා කට්ටියක් සද්දේ දාගෙන හිටියා, එ්ත් දැන් තේරෙනවා හලාල් සහතිකයේ වටිනාකම..