
(විනීතා එම් ගමගේ)
කටුපොල් පැල 356,000 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් තවාන්වල ඇති අතර ඒවා වසර තුනකටත් අධික කාලයක් තවාන්වල මෝරමින් ඇති බැවින් එම ප්‍රමාණය වැවීමට අවසර දෙන මෙන් පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
මෙම පැල මෙරටට ආනයනය කරනු ලැබ ඇත්තේ 2014 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ ලැබුණු කැබිනට් අනුමැතියක් අනුව බවත් එකී කැබිනට් අනුමැතිය ඇතිව මීට වසර තුනකට පෙර ගෙන්වූ කටුපොල් පැල මේ වනතුරුත් තවාන්වල ඇති බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ඔයිල් ෆාම් වගාව හෙක්ටයාර් 20,000 කට වඩා වැඩිකිරීමේ රජයේ තීන්දුවට ප්‍රතිචාර දක්වමින් වතු සමාගම් කළ ආයෝජනය සළකා බලන්නැයි ද එමගින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔයිල් ෆාම් තහනම් කිරීමට පසුගිය දා රජය ගත් තීන්දුවට හේතු වූ කරුණු පිළිබඳව කර්මාන්තකරුවන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබා නොදෙමින් එම තහනම ක්‍රීයාත්මක කිරිම පිළිබඳව මෙම නිවේදනයෙන් පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමය සිය කනස්සල්ල පළ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ඉතාමත් දැඩි නියාමනයන්ට යටත්ව සීමිත වශයෙන් මෙරට ඔයිල් පාම් වගාකිරීමට මහින්ද රාජපක්ෂ රජයෙන් හොඳින් සිතා බලා ගත්තීන්දුවක් මෙයින් ඉවත්ව ඇතැයි ද ඔවුහු පවසති.
වසර පනහක් පුරා මෙරට ඔයිල් ෆාම් වගාව සිදුකර තිබෙන බවත් ශ්‍රී ලංකාව තුළ ඔයිල් පාම් වගාව සිදුකිරීමේ දී කැලෑ විනාශ කරන්නේ නැතැයි ද වන සතුන්ට පරිසරයට කාලගුණයට අහිතකර බලෑමක් සිදුවන්නේ නැතැයි ද එහි සඳහන්ව ඇත.
වැවිලි බෝග විවිධාංගිකරණය කිරිමට වැවිලි අංශය සෑමවිටම කටයුතු කර ඇතැයි ද එක් බෝගයක් වර්ධනය කිරීමට තවත් බෝගයක් තහනම් කළ යුතු නැති බව තම සංගමයේ හැගීම බව ද පොල් වගාව ප්‍රවර්ධනය සඳහා ඔයිල් ෆාම් වගාව තහනම් කරන බව රජයෙන් ඇඟවීම තමන්ට ප්‍රහේලිකාවක් වී ඇතැයි ද එහි සඳහන් වේ.
ආහාර සඳහා මෙරටට අවශ්‍ය තෙල් ප්‍රමාණය දේශීය පොල් නිෂ්පාදනයෙන් සපුරා ගැනීමට රජය බලාපොරොත්තු වන්නේ නම් එයට වසර 20 කට වඩා කාලයක් ගත වේ යැයි ද මෙම කාල පරාසය තුළ ආහාර සඳහා අවශ්‍ය තෙල් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන්නට සිදුවනු ඇති බවත් දැනටමත් ආසන්න වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 22 ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි ද එම නිවේදනයේ සඳහන් ව ඇත.
පවතින තත්ත්වය සළකා බලා තම කර්මාන්තයට එල්ල කර ඇති චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට කර්මාන්තකරුවන්ට අවස්ථාවක් ලබා දීමටත් මෙකී තහනම පිළිබඳ යළි සළකා බැලීමටත් කටයුතු කරන්නැයි ද එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කටු පොල් පැළ 3,56,000 මේ පුංචි දූපතේ පැල කළොත් අපිට දෙයියන්ගේම පිහිටයි. හැබැයි ඕක පැලකලේ නෑ කියලා නම් ඔය බහු ජාතික සමාගම් කාරයින්ට නම් කියන තරම් පාඩුවක් දැනෙන්නේ නෑ...
ඕවා හොඳ නෑ මෙයා...
මේ අයට සිංහල නොතේරේද?
විල්පත්තුව කපද්දී, කටුපොල් වවද්දී ඇවිස්සෙන අය සිංහරාජයේ මැද්දෙන් පාරවල් කපලා වනසන කොට නිදි. පොලිතින් තහනම් කරන්න කියලා මැරෙන්න යන අය ළිංමැඩියන් වගේ. වෙන රටවල පොලිතීන් කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසිලෙස කළමනාකරණය කරන නිසා. අපේ රටේ අය කළමනාකරණය වෙනුවට තැන්තැන්වලට ගොඩවල් ගහලා ඇඟ බේරගන්න නිසයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දේශීය දේ ස්වාභාවික දේ අගය කළ යුතුයි. දිරිමත් කළ යුතුයි. හැබැයි සමහර දේට එමගින් පිළිතුරු නෑ. මිනිස්සුන්ට සැෂේ පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ ආර්ථික අපහසුතාවය නිසා. ඒකත් ඔය පෝස්ට් දාන, කමෙන්ට් දාන අය වටහාගන්නවා නම් ගොඩක් හොඳයි...
මේවාට අවසර දෙන්න එපා. කටුපොල් හින්දා අවුරුදු 20කින් කාන්තාරයක් වේවි..
මුලදී එපා කිව්වා වවන්න. මීට අවුරුදු ගණනාවකට කලින්. ඇහුවේ නැහැ. දැන් කරන්න දෙයක් නැහැ.
අනේ පව්, එන්නකො නලවන්න. මහින්ද නෙවේ ඩී ඒ රාජපක්ෂ මහත්තයා කරත්, වැරැද්ද වැරැද්දකමයි. සංගමයෙ ඉන්නෙ පොට්ටයොද කටුපොල් වලින් වෙන හෙන ගහන විනාසය නොපෙනෙන්න?
පාම් ඔයිල් කියන්නෙ කර්මාන්තයක් නොවේ, කරුම අන්තයක් බව සංගමයෙ අය තේරුම්ගත යුතුය.
තවාන්වල තියෙනවා කියන පැළටික රජය මගින් මිලදීගෙන විනාශ කරලා දැම්මා නම් ප්‍රශ්නෙ අවසන්... විසඳෙනවා.
එහෙනම් ගංජා වවන්නත් දෙමු...