IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පැන්ෂන් මන්ත්‍රීලා තානාපතින් 10 ක් පස්සේ

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්  ඉන්දියාව ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු  ප්‍රධාන රටවල් දහයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්  ඉදිරි දිනවල හමුවීමට තීරණය කර ඇතැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ  ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.

එසේම රජයේ මේ තීරණයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය තොරතුරු  එක් රැස් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීම නීති විරෝධී බවට සඳහන් කෙරුණු  චිත්‍රසිරි කමිටුවේ වාර්තාව තමා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් තුනක්  ඉදිරිපත් කළත්  මෙතෙක් ඒවාට පිළිතුරු ලබාදී නැතැයි පැවසූ  ප්‍රේමසිරි මානගේ මහතා ඒ සම්බන්ධයෙන් තමා කණගාටුවන බවද  ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එය අතීතයටද  බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය. මාසික විශ්‍රාම වැටුප ලබන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 330කි. මෙයට අමතරව හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 182ක්ද විශ්‍රාම වැටුප ලබන බව වාර්තාවේ. හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් රජය  මාසික වැය කරන මුදල දෙකෝටි තිස්පන් ලක්ෂයකට වැඩිය.



 

 



අදහස් (4)

පැන්ෂන් මන්ත්‍රීලා තානාපතින් 10 ක් පස්සේ

වින්සන්ට් කජ්ජා Tuesday, 16 September 2025 08:30 PM

"ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප්ස් තියෙන එක්ස්පීරියන්ස් තියෙන" අයගෙ වැඩ. රටේ දියුණුවටම තමයි ඉතිං.

:       0       6

Perera Wednesday, 17 September 2025 07:08 AM

විදේශ තානාපතිලාගෙන් කීය කීය හරි ඉල්ලාගන්න . ඒක හොඳයි රටට ජාතියට බරක් වෙන්නේ නැතුව

:       0       7

පොඩිඑකා Wednesday, 17 September 2025 07:33 AM

අවුරැදු පහක් රැකියාව කලාම (ඒ කාලෙත් කොමිස්, කප්පම් ඔක්කොම ගහල) ජීවිතේ තියෙනකං සම්පූර්ණ විශ්‍රාම වැටුප දෙන රටක් හොයල කියන්න.

:       0       10

අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 09:06 AM

ඉන්දියාව , ඇමරිකාව සහ සහ බ්‍රිතාන්‍ය නොවෙයි බං උබලට පැන්ෂන් ගෙව්වේ, ලංකාවේ මහජනතාව ! ඒ නිසා අපියි තීරණය කෙරුවේ උබලගේ පැන්ෂන් එක නවත්වන්න. ඒකට අධිරාජ්‍යවාදින් ඉස්සරහා කෙදිරි ගාලා වැඩක් නැහැ .

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1890 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1516 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site