IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පන්නිල ගම්මානයම ස්වයංනිරෝධායනයේ

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල පොලිස් වසමට අයත් පන්නිල ප්‍රදේශයෙන් එකම පවුලේ පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන අය්.ඩී.එච් උණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එම ආසාදිතයන් පදිංචිව සිටි පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා අද (01) පැවසීය.

පන්නිල ග්‍රාමයෙන් හඳුනාගත් පවුලේ පිරිමි පුද්ගලයා වූ මැණික් ව්‍යාපාරිකයා ප්‍රථමයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අයි ඩී එච් රෝහලට මාරු කර පසුව ඔහුගේ බිරිඳ, අවුරුදු එකහමාරක් වයසැති දරුවා, බිරිඳගේ මව හා පියා යන අය රෝහල්ගත කර තිබේ.

මෙම ආසාදිතයන් හමුවීමත් සමඟ පන්නිල හා ඒ අවට තවත් ගම් හතරක් වසා දැමීමට බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය යටතේ සෞඛ්‍යය හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කර එම ප්‍රදේශ ආවරණය වන පරිදි යුධ හමුදා ආරක්ෂාව සහ පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා පැවසීය .

බේරුවල ප්‍රදේශයේ යුද හමුදාව 150 ද පොලිසිය 40 දෙනකු ද යොදවා, ආසාදිතයන් ගැවසී ඇති බවට හඳුනාගත් ප්‍රදේශවලට පිටස්තර අයට ඇතුළත් වීමට සහ පිටවීමට නොහැකි වන පරිදි ආරක්ෂාව තර කර තිබිණ.

නිරෝධායනට එක්කල පිරිස යුද හමුදාව විසින් බස්රථ වල නංවා රැගෙන යාමට කටයුතු කළ බව බේරුවල පොලිසිය පැවසීය.

 



අදහස් (0)

පන්නිල ගම්මානයම ස්වයංනිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site