(ජේ.කේ.එල් චාමින්ද)
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු අද (31) රාත්‍රී ටි 56 ගිණි අවියකින් අහසට වෙඩි තබා පින්නදූව ඉන්ධන පිරවුම්හලේ පොම්කරු සතුව තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
මෙම සිද්ධිය වන අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් පොම්පකරුවකු තමන් සතුව තිබූ මුදල් ඒ අසල තිබූ කාර්යාලයට භාරදිම සඳහා යාමේදී මුහුණු ආවරණය කරගෙන පැමිණි කොල්ලකරුවන් දෙදෙනා පොම්කරු සතුව තිබූ මුදල් කොල්ලකා අහසට වෙඩිල්ලක් තබා පලාගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
ටි 56 ගිණි අවියකින් නිකුත් වූ හිස් කොපුවක් ඉන්ධන පිරවුම්හල අසල තිබි පොලිසිය විසින් සොයාගෙන ඇත. කොල්ලකනු ලැබූ මුදල් පිළිබඳ මේ වන තෙක් ගණන් බලා නොමැති අතර අක්මීමන පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd