
(සුජිත් හේවාජුලිගේ)
පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත
ඒ අනුව කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර වනු ඇත. කෙසේ වෙතත් එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්‍රික් ටොන් 52කි.
පොන්නි සම්බා ආනයනය කරනු ලබන්නේ කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස යැයි රජය පවසයි. එම සහල් තොග ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවද එම ගැසට් නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd