IMG-LOGO

‘පානදුර මන්නයා‘ සහ තවත් අයෙක් ආයුධ සමඟ පොලිස් දැලේ

(සුමිත් ප්‍රේමතිලක)

මන්නා පිහි පෙන්වා කාන්තාවන් බියගන්වා ගෙල බැඳි රන්මාල කොල්ල කෑ " පානදුර මන්නයා" නමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයා  ජීව අත්බෝම්බයක් , කඩුවක්, මන්නාපිහි දෙකක් සමග අත්අඩංගුවට ගෙන  කොල්ල කෑ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ  සහ යතුරුපැදියක් ද අද  (25) සොයාගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ පාණදුර, කලුදෑවල  සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි 29 සහ 43 හැවිරිදි   පුද්ගලයින් දෙදෙනෙකු බව පැවසේ.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම පානදුර , මෝදරවිල ක්‍රීඩාංගණය අසලදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වලට අලෙවි කර තිබූ රන්මාල හයක්, පෙන්ඩන් දෙකක් සොයාගෙන ඇති අතර , ඔවුන් පැමිණි යතුරුපැදියද පිළියන්දල ප්‍රදේශයෙන් සොරකම් කල එකක් බැව් හදුනාගත් බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරීයෙක් කීය.

මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල මන්නයකින් කපා ඝාතනය කිරීමේ වරදට වසර 27 කට අච්චු විද එය වසර 17 කින් ගෙවීයාමෙන් පසු නිදහස්ව ඇති "මන්නයා" යන අන්වර්ත නාමයෙන් හදුන්වන  ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ සහායකයාට එරෙහිව  ගල්කිස්ස, පිලියන්දල, මොරොන්තුඩුව, පානදුර සහ හිරණ ඇතුළු පොලිස් බල ප්‍රදේශවල රන්මල් කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් සම්බන්ධ චෝදනා දහයකට ආසන්න ප්‍රමාණයක් පවතින  බැව් පොලිසිය කීය.

ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකන මොහොතේ එයට මැදිවූ ඇයගේ ස්වාමිපුරුෂයාගේ අත්දෙකට මන්නයකින් පහරදීම  සහ පින්වත්ත ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට මන්නයක් පෙන්වා බියගන්වා රුපියල් තිස්තුන් දහසක් කොල්ලකෑම ඇතුළු චෝදනා සැකකරුවන්ට එල්ලවී ඇතැයිද පොලිසිය කියයි . සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,පොලිස් අධිකාරී 1 උදය අමරතුංග සහ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සී.එස්. අමරසිංහ  යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක එම්.එස්.පී. ලිවේරා , සැරයන් අබේසේකර (39811), කොස්තාපල්වරුන් වන තුෂාර (79335), මධුරංග (88245), ප්‍රියසමර (35145), ගුණරත්න (29631) වැටලීමට එක්වූහ .

 

 



අදහස් (2)

‘පානදුර මන්නයා‘ සහ තවත් අයෙක් ආයුධ සමඟ පොලිස් දැලේ

arschfikaa Tuesday, 26 October 2021 12:56 AM

මේ අයගෙන් හරියට ප්‍රශ්න කෙරුවොත් අර ඇමැතිලාගේ නමුත් ගැවිලා ඇති.

:       0       3

sharm warn Monday, 15 November 2021 02:34 PM

කෝච්චියේ මාල කඩලා නැද්ද ?නවුකා ඇමති කරලා හරි පාර්ලිමේන්තු යවමු. පව් අහිංසකයා, කොහොම මොලයක් ඇතිද ඔය මාල කැඩුවාට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 359 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site