
(රෝෂන් තුෂාර)
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කෙරෙන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග ගේ මෙරට බැංකු ගිණුම් දෙකක වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට අද (16)අවසර ලබා දුන්නේය.
සම්පත් සිල්වාගේ මෙරට බැංකු ගිණුම් දෙකක් සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නව බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කෙරෙන සම්පත් සිල්වා නමැති අයගේ මෙරට බැංකු ගිණුම් දෙකකින් විශාල ලෙස මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවය. සැකකරු සම්බන්ධ යැයි කියන අපරාධ ජාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාවලිය අනාවරණය කර ගැනීම සඳහාඑම බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අදාළ පුද්ගලික බැංකු දෙකෙහි බැංකු වාර්තා කැඳවීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැංකු වාර්තා ලබා ගැනීමට අදාල නියෝග නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
2025 ඔක්තෝබර් මස 08
1890
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1516
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන්න අවසර
කෞෂි Tuesday, 16 September 2025 08:33 PM
ඔන්න අයිස් වගේ සීතල හුලඟක් හමන්න යන්නේ.