
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (13) සටහන් කළේය.
මේ අනුව එම පනත් කෙටුම්පත් දෙක ඊයේ සිට බලාත්මක වනු ඇත.
පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගිය 7 වැනිදා සම්මත විය.
ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර ලබාගැනීමට සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.
ඉන්දියාවෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් එරට නීතිමය ප්‍රතිපාදන අනුව අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්විය යුතු බවත් සමාජ ආරක්ෂණ අරමුදල අරමුදලට දායකත්වය දක්වන ලද මුදල් ඔවුන් එරට සේවය නිමවා ආපසු පැමිණීමේදී ලබා ගැනීමට නම් වයස අවුරුදු 58ක් සම්පූර්ණ වනතෙක් මෙයට පෙර සිටිය යුතුව තිබූ බවත් කම්කරු අමාත්‍යාංශය පවසයි.
වයස අවුරුදු 18 සම්පූර්ණවූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම තහවුරු කිරීම සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ1980 අංක 44 පනත අනුව ලියාපදිංචි කරනු ලබන්නේ එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තන් බැවින් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදී යයි කියති.
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණේ එම ගැටලුව නිරාකරණය කිරීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd