
(ඩයනා උදයංගනී)
වඩාත් සරල විනිවිද භාවයෙන් යුත් හා කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් පනත් හතරක් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ අනුව ජාතිය ගොඩනැගීමේ බදු පනත, ආර්ථික සේවා ගාස්තු පනත, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත හා මුදල් පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙල කර ඇති පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පපළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන්ම දේශීය ආදායම් පනත හා එකතු කළ අගය මත බදු පනත සංශෝධනයට අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
( ඡායාරූපය ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක පූජිත ෆෝබ්ස් සඟරාවට අනුව අපේ මහ රජතුමාගේ වත්කම ඩොලර් බිලියන 15ක්ලු. එතුමාගේ ටැක්ස් ක්‍රමවේදය මොකක්ද?
අපි ඔය කියන දේවල් ගණන් ගන්නේ නැහැ.
ජනතා බදු පනත් නැතිකර දාන්න නීති සංග්‍රහ සංශෝධනය කර සහ මාර්ග නීති සංශෝධනය කර උපරිම දඩමුදල් පනවන්න. බදු අවශ්‍ය නැහැ.. එකී මුදල්ම ඇති රජයේ මුදල් පියවාගන්න අවම දඩය 10000න් පටන් ගන්න.. එතකොට සියලු රෝග නිවාරණය වෙයි.
එහෙනම් ළඟදීම අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල වැඩිවේවි...