
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ල කන ලද ත්‍රිරෝද රථයකින් ගොස් බණ්ඩාරගම ගැලනිගම බටකැටියේ නිවසක් කොල්ලකෑ හය දෙනාගේ කල්ලියේ පස්දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් අතර පෙදරේරුවකු සිටින බවත් ඔහු කොල්ලය සැලසුම් කළ පුද්ගලයා බව පොලිසිය කියයි.
සැකකරුවන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් ආභරණ , විදුලි උපකරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ සැකකරුවකුගේ නිවසක් පිටුපස වළ දමා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
විදේශගතව මෑතදී පැමිණි නිවෙස් හිමියා සිය බිරිඳ හා දරුවා සමග කතරගම වන්දනාවේ ගොස් ඉකුත් 6 වැනි දින රාත්‍රියේ දී නිවසට පැමිණ මඳ වේලාවක් ගත වෙද්දී කොල්ලකරුවන් තියුණු ආයුධ රැගෙන නිවසට කඩා වැදී එම යුවළගේ අත් පා සහ කට ගැටගසා පැළඳ සිටි රන් ආභරණ විදේශ ගතව පැමිණීමේදී රැගෙන ආ විදුලි උපකරණ ආහාර වර්ග චොකලට් ආදී සියල්ලම ඔහු රැගෙන ආ ගමන් බෑග් වලට අසුරාගෙන පලාගොස් තිබිණි .
එක් කොල්ලකරුවකු නිවෙස් හිමියාට කඩුවක පිටපැත්තෙන් පහර දීමෙන් ඔහුගේ වම් අත ආබාධයකට ලක්වී ඇත.
කොල්ලකරුවන් එම නිවසේ පැය දෙකකට ආසන්න කාලයක් ගත කර තිබු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරකම ඇල්ලූ බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන්ට අපගේ ප්‍රණාමය...!! නිවෙස් ඉදිකරන ඇතැම් මේසන් බාස් වරුන්, වඩු බාස් වරුන්, අත් උදව් කරුවන්, නිවෙස්වලට එන යාචකයන්, ආධාර එකතු කරන්නන්, පරණ යකඩ, පොල්කටු ඇතුළු දේ එකතු කරන්නන් වැනි නිවෙස් වෙත එන නාඳුනන අය ගැන ජනතාව සැලකිලිමත් විය යුතුයි. රටේ පවතින අගහිඟකම්, නැතිබැරිකම් හා ආහාර අහේනිය ආදී දේ නිසා හොරු නොවන අයද හොරුන් බවට පත්ව ඇත. බොහෝ දේ සිදුවෙනුයේ දූෂිත දේශපාලකයන් රට හොරාකා, රට බංකොලොත් කළ නිසා බවද අමතක නොකළ යුතුයි. පොඩි හොරුන් අල්ලන ලංකාවේ පොලිසියට දේශපාලන කම්බා හොරුන් ඇල්ලීමට නොහැකිවීම කණගාටුවට කරුණකි...