IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෙදරේරුවාගේ මෙහෙයුම අතේ පත්තු වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ල කන ලද ත්‍රිරෝද රථයකින් ගොස් බණ්ඩාරගම ගැලනිගම බටකැටියේ නිවසක්  කොල්ලකෑ හය දෙනාගේ කල්ලියේ පස්දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අතර පෙදරේරුවකු සිටින බවත් ඔහු කොල්ලය සැලසුම් කළ පුද්ගලයා බව පොලිසිය කියයි.

සැකකරුවන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් ආභරණ , විදුලි උපකරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ සැකකරුවකුගේ නිවසක් පිටුපස වළ දමා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

විදේශගතව මෑතදී පැමිණි නිවෙස් හිමියා සිය බිරිඳ හා දරුවා සමග කතරගම වන්දනාවේ ගොස් ඉකුත් 6 වැනි දින රාත්‍රියේ දී නිවසට පැමිණ මඳ වේලාවක් ගත වෙද්දී කොල්ලකරුවන් තියුණු ආයුධ රැගෙන නිවසට කඩා වැදී එම යුවළගේ අත් පා සහ කට ගැටගසා පැළඳ සිටි රන් ආභරණ විදේශ ගතව පැමිණීමේදී රැගෙන ආ විදුලි උපකරණ ආහාර වර්ග චොකලට් ආදී සියල්ලම ඔහු රැගෙන ආ ගමන් බෑග් වලට අසුරාගෙන පලාගොස් තිබිණි .

එක් කොල්ලකරුවකු නිවෙස් හිමියාට කඩුවක පිටපැත්තෙන් පහර දීමෙන් ඔහුගේ වම් අත ආබාධයකට ලක්වී ඇත.

කොල්ලකරුවන් එම නිවසේ පැය දෙකකට ආසන්න කාලයක් ගත කර තිබු බව පොලිසිය කියයි.

 



අදහස් (1)

පෙදරේරුවාගේ මෙහෙයුම අතේ පත්තු වේ

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 February 2023 08:29 AM

මේ හොරකම ඇල්ලූ බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන්ට අපගේ ප්‍රණාමය...!! නිවෙස් ඉදිකරන ඇතැම් මේසන් බාස් වරුන්, වඩු බාස් වරුන්, අත් උදව් කරුවන්, නිවෙස්වලට එන යාචකයන්, ආධාර එකතු කරන්නන්, පරණ යකඩ, පොල්කටු ඇතුළු දේ එකතු කරන්නන් වැනි නිවෙස් වෙත එන නාඳුනන අය ගැන ජනතාව සැලකිලිමත් විය යුතුයි. රටේ පවතින අගහිඟකම්, නැතිබැරිකම් හා ආහාර අහේනිය ආදී දේ නිසා හොරු නොවන අයද හොරුන් බවට පත්ව ඇත. බොහෝ දේ සිදුවෙනුයේ දූෂිත දේශපාලකයන් රට හොරාකා, රට බංකොලොත් කළ නිසා බවද අමතක නොකළ යුතුයි. පොඩි හොරුන් අල්ලන ලංකාවේ පොලිසියට දේශපාලන කම්බා හොරුන් ඇල්ලීමට නොහැකිවීම කණගාටුවට කරුණකි...

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site