(යොහාන් භාසුර)
ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අන්තර් සමාගම් සේවක සංගමය ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
රටේ ජීවන වියදම ඉහළ යන විට වැඩකරන ජනතාවට ලබාදෙන සහන සියලුම වැඩකරන ජනතාවට ලැබිය යුතු බවත් රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීමට අපහසුව නිසා රුපියල් 5000 ක දීමනාවක් ලබාදුන්නාක් මෙන්ම පෞද්ගලික අංශයේ සේකයාට ද එම රුපියල් 5000 ලබාදීම රජයේ වගකීමක් බවත් අන්තර් සමාගම් සේවක සංගමය කියයි.
රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් සියයට 80 කට පමණ සෘජු දායකත්වය සපයන සහ ශ්‍රම බලකායෙන් සියයට 80 ක් නියෝජනය කරන පෞද්ගලික අංශයේ සේකයන්ගෙන් සියයට 60 ක් පමණ රුපියල් 25,000 කට වඩා අඩු වැටුප් ලබන අය යැයි පවසන අන්තර් සමාගම් සේවක සංගමය රුපියල් 5000 දීමනාව ලබාදීමෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නොසන්සුන්කාරී තත්වය සමනය කළ හැකි බව ද සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පෞද්ගලික අංශයත් රුපියල් 5000 ඉල්ලයි
de silva Tuesday, 01 February 2022 09:33 PM
මේ කියන රුපියල් 5000 ගෙවන්නේ රජයද? නැතිනම් හාම්පුතාද?
Gamini Tuesday, 01 February 2022 11:28 PM
පාලකයින්ට විතරක් බනින්න එපා.. ලංකාවේ හිඟාකන මානසිකත්වයක් ඇති මිනිස්සුත් වගකියන්න ඕනෑ....
69lakshaya Wednesday, 02 February 2022 09:48 AM
සිම්පල්නේ... බියගමට නියෝගය දෙනවා.. අච්චු ගැහුවා. දුන්නා.
fairoos Wednesday, 02 February 2022 12:25 PM
දැන් සැපද?