
(විනීතා එම් ගමගේ)
මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බැවින් පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවැති ජාතික කම්කරු උපදේශක සභාවේ දී යෝජනා කර ඇත.
එම යෝජනාවට වෘත්තිය සමිති සහ හාම්පුතුන්ගේ සම්මේලනය එකඟතා දැක්වු බව කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් අනාගතයේ ශ්‍රම බලකායේ විශාල රික්තයක් ඇති විය හැකි බැවින් මෙම යෝජනාව කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
සියලු පාර්ශව වල එකඟතා පළ වූ බැවින් ඊළඟ ජාතික කම්කරු උපදේශක සභාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා කීවේ යැයි ද ඉන් පසු අදාල නෛතික ප්‍රතිපාදන සකස්කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකන් දේශපාලුවන්ට ඕනෑ ආකාරයෙන් වෙනස් කරන්න බැහැ.. ඕනෑම කෙනෙකුට වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු අවශ්‍ය නම් ස්වකීය කැමැත්තෙන් ගැනීමට හැකිවිය යුතුයි. උවමනා අයට පමණක් ඕනෑනම් අවුරුදු 60 දක්වා වැඩ කිරීමට හැකියි. අවුරුදු 55 සම්පූර්ණ වූ පසු EPF ETF මුදල් ලබාගැනීමට පුලුවන් විය යුතුයි. EPF සල්ලි පිල්ලි ගහන ගැටයක් මේක. මොකද දැනටත් පුද්ගලික සේවකයන් 55න් පසු සේවා දිගු ලබාගන්නවා. ආණ්ඩුව හොඳට යන හැම දෙයක්ම අවුල් කරන්න නෙමෙයි ඉන්නේ... ඒක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නිසා ඕනෑම සේවකයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැකියි...
ඉතා හොඳ කාලෝචිත තීරණයක්...
අනේ මේක ආදරෙන් කරපු එකක් නෙවෙයි. EPF නිදහස් කිරීම වසර 5ක් කල්ගන්න කරපු ගැටයක්...
එතකොට මේ ඇමැති හිතන් ඉන්නවා ඇති ඔහු තාම තරුණයි කියලා.. ගිය තැන නිදි..
බොහෝමයක් යුරෝපා රටවල විශ්‍රාම යන වයස 70න් උඩ තියෙන්නේ. එංගලන්තයේ 68යි.
EPF එක පරක්කු කරන්න, වැඩි කාලයක් තියාගෙන ඉන්න ගහපු ගැටයක්. එහෙම නැතිනම් ඇයි රජයේ සේවකයින් ගැන නොසිතන්නේ..?
හොඳ යෝජනාවක්... පුළුවන් නම් වෙන රටවල වගේ වයස 64 දක්වා වැඩි කරන්න. දැන් 55ත් හොඳ මැදි වයසක්. 50 න් පසු EPF ගත හැකියි. එය එලෙසම තබන්න. පුළුවන් නම් දායක විශ්‍රාම වැටුපක් පෞද්ගලික අංශයට හඳුන්වන්න.
එතකොට තරුණ පරපුරට රැකියා කොයින්ද? ඔවුන්ගේ අසහනය වැඩිවීමයි මෙයින් වෙන්නේ...
දැන් ලංකාවේ සහ ලෝකයේ මිනිස්සු 80 -90 වෙනකම් ජීවත් වෙනවා. එමනිසා කැමැති කෙනෙක් 60 වෙනකම් වැඩකරලා විශ්‍රාම ගියාට කමක් නැහැ.. නමුත් epf/etf 55න් ගෙවන්න. ඉන්පසු ඉතුරු ටික 60න් ගෙවන්න.
මොනවද මේ බූරු යෝජනා? ඇයි පුද්ගලික අංශය විතරක්. මේ කොටස් දෙක වයසට යන්නේ ක්‍රම දෙකකටද? ලාංකික ජනතාවට එක විශ්‍රාම වයසක් තියෙන්න ඕනෑ. කාන්තාවට අවුරුදු කීපයක් අඩුවිය යුතුයි.
පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හැතිකරේ ඉස්සෙල්ලම පෙන්ෂන් යවමු...
යෝජනාව හොදයි නමුත් වයස 52,53? 54,54,55 අයට ඊ පි එෆ් දෙන්න (55 දී) ඔවුන් ඉදිරී ජීවිතය සැලසුම් කර අවසානයි.