(වාරණ ආනන්ද ඉ ජයකොඩි සහ ටෝනි කරුණානායක)
නමගිය පාතාල අපරාධ කරුවෙකු අද (22) දහවල් මිනුවන්ගොඩ උන්නාරුවේදී අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාශය පැවසීය.
ලද තොරතුරකට අනුව එහි පොලිස් නිලධාරීන් පිරිසක් උන්නාරුව ප්‍රදේශයේ අද (22) දහවල් කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක්, මැගසින් එකක් හා ටී 56 ජීව උණ්ඩ තිහක් සමග පාතාල අපරාධ කරු අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.
මොහු ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල කණ්ඩායමක නායකයා බවත් මොහුගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ නායකයා සුසන්ත නැමැත්තා බවත් මොවුන් දෙපිරිස අතර කාලයක් ප්‍රහාර එල්ල කර ගෙන ඇති බවත් එම ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත කොළඹ උතුර පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඕ කේ පී නානායක්කාර, එහි සෙසු සහකාර පොලිස් අධිකාරී වරුන් වන පී කුමාර දාස හා ජනක කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති, ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජසූරිය, පොලිස් පරීක්ෂක අජිත් සේනානායක, පොලිස් සැරයන් මංජුල (41291), පොලිස් කොස්තාපල් වරුන් වන මුණසිංහ (73380), උමයංග (20130) හා සුබසිංහ (21221) යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාතාලයකු මිනුවන්ගොඩදී අල්ලයි