(දයාරත්න ඇඹෝගම)
දඹුලු ඔයේ තිබූ පිස්තෝල සඳහා භාවිතා කරන ජීව පතුරම් හයක් සහ ගුවන් යානා නාශක පතුරම් දෙකක් අද (07) සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.
පුද්ගලයෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරක් මත ගල්කිරියාගම පොලිසිය මෙම පතුරම් සොයා ගෙන තිබේ.
ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.
ඡායාරූප - කුෂාන් ජයවර්ධන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd