
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක ඇන්ටිගුවාහිදී කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින පැතුම් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් රැස්කරමින් මංගල ටෙස්ටි තරගයේදී විදේශයකදී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලංකා පිිතිිකරැ බවට පත්විය.
ඩිල්රැවන් පෙරේරා සාජාහිදී ලකුණු 95 ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේ විදේශයකදී ඉහළම ලකුණු වාර්තාවට මීට පෙර හිමිකම් කීය.
පැතුම්, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේ ශතකයක් රැස්කළ සිවුවැනි පිතිකරු බවට ද පත්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ ඔබ ගැන අපට ඇත්තේ ධනාත්මය සිතුවිලිය. එබැවින් විනීත, නිහතමානි මෙන්ම උද්දච්ච සිතුවිලි, ආඩම්බර සිතුවිලිවලින් බැහැරව තමාගේ උපන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තම හිතට ගන්නා ලෙස ඔබට ඔවදන් දීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකා මාතාවට කීර්තියක් ගෙන ඒමට ඔබට හැකි වේවා..!!!
උණුසුම් සුබපැතුම්...!!!
මේක මේ එංගලන්තයේ සෙල්ලමක්ලු නේද? පොල්පිති, කොළපු බැඳගෙන ලෑලි පට්ටමකින් ගල් බෝලෙකට ගහනවලු.. උජාරුවෙන් ඉංග්‍රීසියෙන්ලු ගහන්නේ. වෙල්ඩන්ලු... කැච් ඉට්ලු.. කන්න බොන්න නැතිව ලෝකෙට ණය වුණත් මේ සෙල්ලම කළාම බඩකට පිරෙන ජනතාවක්...
ඔබට ජයෙන් ජයම වේවා...!!! බුදු සරණයි.
අනාගතය කියනතරම් අඳුරු නෑ වගේ. අධිෂ්ඨානය, ඉවසීම සහ නිවැරදි දැක්ම සහිත දිරිය දරුවෙක්... ජයවේවා...
ජනහිතගේ මොලේ තමයි මොලේ.. මේ වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවනේ... කාටද ආඩම්බර නේද අනේ...? පව් දෙමව්පියෝ...
ඔය ළමයාට අපි සුබ පතන අතරම දෙමව්පියන් සමග එකතු වෙලා මිරිස් පැළයක්, අල, බතල බෝගයක් වගාකරන්න පියවර ගන්න ඔය සුද්දගේ උඩැක්කිය පැත්තක තියලා ඉතින් රටත්, ඔබත් ආඩම්බරයෙන් දිනුම්... එතකොට වීසා අරන්ම අපිටත් මිලානෝ යන්න පුළුවන්.
පැතුම්ට අපේ සුබපැතුම්...!!!