හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම මුලික රෝහලේ සායන සදහා සහභාගි වු 20,000 ක රෝගීන්ට ඖෂධ ඔවුන්ගේ පදිංචි ගමටම ගොස් ලබා දිමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරිමේ මුලික කටයුතු සිදුවන බව පුත්තලම මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.
රෝහල් අධ්‍යක්ෂවරයා පවසා සිටියේ පුත්තලම රෝහලේ සායන 12 කට පමන සහභාගි වු රෝගීන්ට මේ මොහොතේ අදාල ඖෂධ ලබා ගැනිමේ අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙය ක්‍රියාත්මක කල බවයි .
එසේම ඔහු පවසා සිටියේ මෙම රෝගින්ගේ රෝග නිශ්චිත හා ඖෂධ සටහන් කරුණු ලබන පොත් ගම්මාන වෙතම ගොස් රෝහල් කාර්ය මණ්ඩල රැගෙන ඒමට කටයුතු කර ඇති බවත් එම පොත් රැගෙන එමෙන් පසුව ඖෂධවේදින් විසින් නිසි අධික්ෂණයකින් පසු ඖෂධ කිසිදු ආකාරයකින් හානි නොවන ලෙසට ඉතාමත් සුරක්ෂීතව අසුරු ලබා දිමට කටයුතු කර ඇති බවයි .
ඇතැම් ඖෂධ තැපැල් මගින් යැවිමේදි එහි ගුණාත්මක තත්වයට හානි විම සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියා මාර්ගය ගැනිමට සිදුවු බව රෝහල් අධ්‍යක්ෂ වරයා පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුත්තලම මුලික රෝහලේ සායනික රෝගීන් 20,000 කට ඖෂධ ගමටම