(ඩයනා උදයංගනී)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් ශ්‍රී ලංකාවේ කන්කසන්තුර වෙරළ ආසන්නයෙන් පවතින අතර, එය ක්‍රමයෙන් ඉන්දියාවේ උතුරු තමිල්නාඩ් වෙරළට ගමන් කරමින් අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි බලපෑමෙන් අද (6) උතුරු පළාතේ් විටින් විට වැසි ඇතිවන අතර උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඌව සහ දකුණු පළාත්වලත්, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.
සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනි ඇතැයි ඔහු කීය.
උතුරු පළාතේ් තරමක තද සුළං ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd