
(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 6 වෙනි මහලේ විදුලි රැහැන් කපා තඹ කම්බි සොරකම් බව කියන පොලිස් සැරයන්වරයකු සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගෙන එම අපරාධය සැඟවීමට උත්සාහ කළ එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ බම්බලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
එම සොරකම සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී පා සටහන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම සොරකම පොලිස් සැරයෙන්වරයකු විසින් සිදු කර ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර ගැනීමක් සිදුකර නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මුල් තොරතුර ලද අවස්ථාවේදීම නිසි විමර්ශනයක් සිදු නොකිරීම සහ එම අපරාධය සැඟවීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් එම වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනමට ලක් කළ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හොරා? තාම යහතින් ඉන්නවද?
ඔය වගේම තමයි කසිප්පු අල්ලන්න ගිහින් උගෙන් සල්ලි අරගෙන එන නිල6 ගේ සේවය තහනම් කරන්න ඕන