
(එම් .සුසිල් ප්‍රියන්ත )
මෙරට ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු වන පොඩි ලැසී නමැත්තා බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු කුඩු ජාවාරමක් වටලා මත් කුඩු සමඟ ඔහුගේ සමීපතයකු වන හිටපු යුද හමුදා නිලධාරියෙකු වන අහංගම ‘කුඩු සූරි‘ ඇතුලු තවත් දෙදෙනෙකු මීටියාගොඩදී අද (31) අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසුදුණු විශේෂ විමර්ශන ඒකකය කියයි.
සකකරුවන් මත් කුඩු ජාවාරම මෙහෙයවීමට භාවිතා කළ ජංගම දුරකථන හතරක්ද මේ සමඟ අත් අඩංගුවට ගෙන ඇත. සැකකාර ‘කුඩු සූරි‘ ළග තිබී මත් කුඩු සොයාගෙන ඇත. සැකකාර අහංගම කුඩු සූරි නමැත්තා අහංගම සිට කුඩු අලෙවි කිරීමට මීටියාගොඩට පැමිණ සිටියද සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇත.
මත් කුඩු සමඟ අත් අඩංගුවට ගත් මේ සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශනය සදහා ඇල්පිටිය නොවිසුදුණු විශේෂ විමර්ශන ඒකකය විසින් මීටියාගොඩ පොලීසියට භාරදි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd