
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දැනට බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පවසන ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී " නමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
දැනට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින තමාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා පොඩි ලැසී නමැත්තා ගොනු කල රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මේ බව දැනුම් දුන්නේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බන්ධනාගාර ගත කර සිටි අපරාධකරුවන් බව කියන දෙදෙනකු පිටතට ගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ සිද්ධීන් වලදී පොලිස් වෙඩි පහරින් මියගිය බව පසුගිය දා වාර්තා වූ බව ය.
පෙත්සම්කරුට ද එම ඉරණම අත්වනු ඇතැයි සැක පවතින බවද පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
එබැවින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙන නොයන ලෙසත් ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් ජනාධිපති නීතීඥවරයා ඉල්ලා තිබේ.
එහිදී නීතිපති වරයාට වෙනුවෙන් පෙනී වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කරු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය.
ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්ෙවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද පෙත්සම්කරුට එරෙහිව චෝදනා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ සල්ලි... රජයේ වියදමින් මේ අයට කන්න බොන්න දෙන්න එපා. රටවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න ඕනෑ.