
(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බවත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 294 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 318 ක් බවත් එම සංස්ථාව කීය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 355 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 180 ක නොවෙනස්ව තවදුරටත් පවතින බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් වලින් පහක් අඩුකරල ඩීසල් වලට පහක් වැඩිකරලා කියන්නේ වම් සාක්කුවෙන් අරගෙන දකුණු සාක්කුවට දැම්මා වගේනේ...
දුකයි. තාම එකසිය හැටට වෙච්චි දෙයක් නෑනේ...