(මහින්ද නිශ්ශංක)
රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළඳුන්ට සිදුව තිබෙන විශාල පාඩුව හා රජයෙන් කඩිනම් සහනයක් සහනයක් ඉල්ලා පිටකොටුව තොග වෙළඳසැල් 5 වැනි දා වසා දැමීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනකරුවගේ සහ තොග වෙළඳන්ගේ සංගමයේ මහ ලේකම් ජී ඉලමනාදන් මහතා පැවැසීය.
සංගමයේ විධායක සභාව ඊයේ (2) රැස්වී මෙම තීරණයට එළැඹි බව ද ඒ මහතා කීය.
රේගු වෘත්තීය කි‍්‍රයාමාර්ගය නිසා සංගමයේ සාමාජිකයන් ඇණවුම් කළ සීනි පරිප්පු, අල ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් විශාල ප්‍රමාණයක් වරායේ හිරවී තිබෙන බැවින් ඉදිරි දින කීපයේ දී පිටකොටුව තොග වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති විය හැකි බවද ලේකම් ඉලමනාදන් මහතා පැවසීය.
මේ වනවිට වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 400 ක් 500 ක් පමණ හිරවී තිබෙන බව පැවසු ඒ මහතා රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම වෙළඳුන්ට කඩිනම් සහනයක් ලබා දෙන ලෙස යැයි ද ප්‍රකාශ කළේය.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා භාණ්ඩ කන්ටේනර් නිදහස් කිරීම විශාල ප්‍රමාදයකට ලක්ව ඇති බවත් ප්‍රමාද ගාස්තු සහ අමතර ගාස්තු ගෙවීමට තිබෙන බැවින් සිදුව තිබේ.
තමන්ට සිදුව ඇති විශාල පාඩුව පාරිභෝගිකයා පිට පැටවීමට සිදුවන බවත් මේ නිසා භාණ්ඩවල මිල වැඩි වීමක් ඇතිවිය හැකි බවත් හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාවාරම්කරුවන්ටත් ඔවුන්ට උදව්කරන වංචනික ඇමතියන්ට විරුද්ධව රේගු වෘත්තීය ගත් ක්‍රියාමාර්ගයට ඔබතුමන්ලාත් සහයෝගය දක්වන්න.
2001 වෙනකොට ආර්ථිකය විනාශ කරා.... එයාගේ අදුරදර්ශි වැඩ නිසා අයෙත් ආර්ථිකය විනාශ වෙනවා.
වැඩ බැරි මේ රජය පන්නා දැමීමට පූර්ණ සහයෝගය දෙන්න.
මේ හැම දේකින්ම තැලෙන්නේ ඉතින් අහිංසක දුප්පත් පාරිභෝගිකයා. පඩි වැඩිකරත්, බදු වැඩිකළත්, මිල වැඩි කළත් කෝකටත් තෛලය වගේ පොඩි මිනිහමයි තැලෙන්නේ. හරියට හැම වරද්දක්ක්ම අපි කළා වගේ. හැමෝම අපිවමයි කොනිත්තන්නේ. කණගාටුවට කරුණ නම් අපිට අඬන්න කදුළුවත් ලියන්න කියන්න වචනවත් නැහැ. මුළු සර්වාංගයම ඔත්පල වෙලා.
බමුණුආරච්චි - මම ඔබගේ අදහසට කැමති බවවත් අකමැති බවවත් නොකිව්වට හැම ආණ්ඩුවක්ම එකයි. ඉදිරියටත් එහෙමමයි. මොකද පැහැදිලි විකල්පයක් නැතිකම... කළුනික හොයන එක පුළුවන් වෙයි. නමුත් හොඳ දේශපාලකයෙක් හොයන්න මේ කපේදී බැරිවෙයි. මේ ඔක්කොම දියයටින් ගින්දර ගෙනියන්න උපන් හපන් තියෙන උදවියයි.
ඇත්ත ඔබ කියනදේ ඇත්ත. නමුත් අපිට ඉන්න කසිකබල් දේශපාලකයන් අතරින් රටට වැඩක් කරපු කෙනා තෝරාගැනීමයි කළයුත්තේ... රනිල්ගේ පැත්ත බැලුවාම රට, ජාතියට, සංස්කෘතියට කොහෙත්ම ගැලපෙන්නේ නැති හැතිකරයක් නේද ඉන්නේ..? මේ ගොල්ලෝ කරපු සංවර්ධනයක් නොමැත. දැන් අපිට අවශ්‍ය පාරවල් නොවේ. රටට විදේශ විනිමය, රැකියා උපයන කර්මාන්ත... එවැනි කර්මාන්ත සියදහස් ගණනක් රටට අවශ්‍යයි. ඒ වෙනුවට මොවුන් කරන්නේ ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීමට මාන බැලීමයි. මේ රජය තවකල් තිබුණොත් ආර්ථිකය කෙසේවතත් මේ රටින් බෞද්ධාගමත් තුරන්ව යනු ඇත. මීට ප්‍රථම මොනකාලේද පන්සලකට ගොස් හමුදුරුකෙනෙකුට දෙමළෙක් තර්ජනය කලේ? කරපු කෙනෙක් යහතින් ගියාද?
අද නම් අපිටත් නිදහස ලැබිලා වගෙයි ලියන ඒවා සංස්කරණයෙන් තොරව පට ගාලා පලවෙනවා. නියමයි..! උදේ 4.30 ඉඳලා ලිව්වේ ටැබ් එකෙන් දැන් කොම්පුටර් එකෙන් ලියන්නේ. 10 තේ එකත් ගෙදර උන්දැ ළඟටම දුන්නා. 2 දාගෙන ලියනකොට ඩයස්පෝරා කාරයින් එ්කත් දන්නවා...